தமிழ்
English
Contact
Monday 18th December 2017    
ජනාධිපතිගේ නිවේදනයෙන් කියන්නෙ GMOA එකග වූ දේ නොවේ! - වෛද්‍ය හරිත අලුත්ගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගේ නිවේදනයෙන් කියන්නෙ GMOA එකග වූ දේ නොවේ! – වෛද්‍ය හරිත අලුත්ගේ



සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවේදී එකග වූ බවට ජනාධිපති ‍ලේකම් කාර්යාලය මගින් ප්‍රසිද්ධ කළ ප්‍රවෘත්ති නිවේදනයේ පරස් පර කරුණු සම්බන්ධව වෛද්‍ය සංගමයේ අවධානයට ලක්ව තිබේ. එම සාවද්‍ය කරුණු ඉදිරි පැය දෙක තුලදී නිවැරදි නොවුණහොත් නැවත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන්නට තමන් තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අගවයි.

සයිටම් ආයතන සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලුව විසදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡාවලදී එකඟ වූ කරුණු  කිහිපයක් තිබේ. එහෙත් ජනාධිපති ‍ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයේදී එම එකගතා පරස්පර වූයේ කෙසේද යන්න ගැටලුවක් බව පවසන වෛද්‍ය සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, එසේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිවේදනයේ සදහන් වන්නේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ මතය බවද පෙන්වා දෙයි.

තම සංගමය සාකච්ඡා කර එකග වූ කරුනු වෙනුවට ජනාධිපති ‍ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයේ සටහන් වන පරස්පර කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ‍ලේකම්වරයා වගකිව යුතු බවද වෛද්‍ය සංගමයේ ‍ලේකම්වරයා අවධාරණය කරයි.




Related News