ජනාධිපති කළ සාකච්ඡාවේදී වෛද්‍ය සංගම් නිලධාරින් අන්දලා?
Posted on 06.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ නියෝජිතයන් සමග සාකච්ඡාවේදී එකග වූ බවට ප්‍රසිද්ධ කළ කරුනු මින් පෙර ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ස්ථාවරයේම වෙනත් ආකාර ප්‍රකාශයක් බව වෛද්‍ය නිලධාරින් අතර කතාබහට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා සමගග සාකච්ඡා කල පසුව වෛද්‍ය වැඩවර්ජනය අවලංගු කිරීමට වෛදය නිලධාරි සංගමය කටයුතු කළද ඒ පිළිබද ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කරන තොරතුරු අනුව ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී පිළිගත හැකි විසදුමක් ලබා දී නැත.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ නියෝජිතයින් අතර පසුගිය 24වෙනිදා පැවැති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. එකග වූ කොන්දේසි ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය තුළ සදහන් කරුණු මෙසේය.
-
ගැසට් නිවේදනයේ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීම,
-
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් කිරීම,
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතීත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදු නොකිරීම
-
සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම
-
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම
සයිටම් ආයතනයට අයත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන රජයේ හා පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සකස් කිරීම ඇතුලු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් මේ වන විටත් රජය ක්‍රියා කරමින් පවතින බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේද
නය මෙසේය –
Related News