தமிழ்
English
Contact
Friday 18th August 2017    
ජාතික පාසල්වල ගුරුවරුන්ට වසර 10කින් ස්ථාන මාරුවීම් ලබා දි නෑ « Lanka Views | Views of the truth

ජාතික පාසල්වල ගුරුවරුන්ට වසර 10කින් ස්ථාන මාරුවීම් ලබා දි නෑ



ජාතික පාසල්වල වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට අනුකූලව ස්ථාන මාරුවීම් ලබා දී නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.

ජාතික පාසල් වල වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරුවනුන් 12,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පළාත් සභා පාසල්වල වසර 10සම්පූර්ණ කරන ලද සියළු ගුරුවරුන්ට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බවත් ඒ අයුරින් කඩිනමින් ජාතික පාසල්වලද ස්ථාන මාරුවීම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.