ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක්!
Posted on 07.02.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ (1)රාත්‍රියේ වත්තල පැවති රාත්‍රී නර්තන ප්‍රසංගයක්දී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් එල්ලවී තිබේ.
වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ එම ප්‍රසංගයේදී ජිප්සීස් නායකයා විසින් තමන්ගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇතුළත්කරමින් ගායනා කිරීම නිසා කිසියම් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මෙම ගැටුම්කාරී සිදුවීම අවසන් වන විට අද (02) පාන්දර 1.00 පමණ වී තිබූ බව එහි සිටිවුන් පවසා තිබේ. මෙම ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදක ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස විසින් පහරදී ඇත. මිට පෙර අවස්ථා කිහිපයකදීද ගායක සුනිල් පෙරේරා රාජපක්ෂවරුන්ගේ නම් සහිතව උපහාසයෙන් යුතු ගීත ගායනා කිරීම නිසා ප්‍රහාරයන්ට ඉලක්ක වී තිබිණි.
Related News