Posted on 10.19.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ඊයේ අබුඩාබිහිදී පැවැති තෙවන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48 පන්දු 2කදී සියලු දෙනාම දැවී ලකුණු 208ක් ලබාගත් නමුත් එම ලකුණු ප්‍රමාණය පහසුවෙන් හඹායාමට පාකිස්ථානු ක්‍රීඩකයෝ සමත්වූහ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 61යි, චන්දිමාල් ලකුණු 19, කප්‍රෙගදර ලකුණු 18යි, තිරිමාන්න ලකුණු 28යි, තිසර පෙරේරා ලකුණු 38 ලබා ගැනීමට සමත්විය. ගෙන ඇත. දැවී ගිය ක්‍රීඩකයා වන්නේ නිරෝෂන් දික්වැල්ලයි ඔහුට ලකුණු 18ක් ලබා ගැනීමට සමත්විය.
පාකිස්ථාන් පන්දුයවන්නන් ශ්‍රී ලංකා ඉනිම නිසි ලෙස පාලනය කිරීමට කටයුතු කළ අතර හසන් අලී පන්දුවර 10ක් යවා ලකුණු 34 කඩුළු 5ක්ද, සඩාබ් කඩුළු 2ක්ද, ජුනයිඩ් හා හෂීෆ් කඩුළු 1ක බැගින්ද දවා ගැනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක විය.
පාකිස්ථානය වෙනුවෙන් අනගි ඉනිමික් ක්‍රීඩා කළ ඉමාම් උල් හක් සිය ශතකය ලබා ගැනීමට සමත්විය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් සම්බන්ධතාවයක් ගොඩනැගීමට ෆක්හාර් ශාමන් ලකුණු 29ක් ලබා ගැනීමට සමත්විය.
බාබර් අසාම් ලකුණු 30ක් ලබා ගනිමින් ඉමාම් උල්හක් සමග දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට දායක විය බාබර් අසාම්ගේ කඩුල්ල ගමගේ විසින් දවා ගැනීමත් සමග තෙවැනි කඩුල්ල ලෙස ඉමාම් උල්හක් දික්වැල්ල අතට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය.
ඒ වන විට පාකිස්ථානු පිල ජයග්‍රහණයේ ඉම වෙතට ගෙන ඒමට ඉමාම් උල්හක් මොහොමඩ් හෂීෆ් හා එක්ව ලකුණු 59ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුනි. 203දී ඉමාම් උල්හක් දැවීගියද මොහොමඩ් හෂිෆ් ලකුණු 34 ලබා ගනිමින් පාකිස්ථානු පිල ජයග්‍රහණය දක්වා ගෙන ගියේය. පාකිස්ථානු ඉනිම පන්දුවාර 42.3දී සිය ජයග්‍රාහී ඉලක්කය වු ලකුණු 209 ලබා ගැනීමට හැකි විය.
ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතරින් ළහිරු ගමගේ ජෙෆ්රි වැන්ඩසේ හා තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.