தமிழ்
English
Contact
Monday 30th April 2018    
දූෂණ මර්දන කාර්යාලය වසා දමයි! – කැෆේ සංවිධානය « Lanka Views | Views of the truth

දූෂණ මර්දන කාර්යාලය වසා දමයි! – කැෆේ සංවිධානය



යහපාලනයේ පළමු පොරොන්දුව වූ දූෂණ මර්දන කමිටුව වසාදැමීමෙන් පටන්ගෙන තිබුණු විමර්ශන අතර මග නතරවී දූෂන සම්බන්ධ පැමිණිලි 30 ක් කුණු කුඩයට වැටී ඇති බව වාර්තා වේ.

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසාදැමීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය වෙනුවෙන් කීර්ති තෙන්නකෝන් අද (2)නිකුත්කළ නිවේදනයක මේ බව සදහන් වේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කිරීමේ සහ හවුල් ආණ්ඩුව බලයට පත් කිරීමේ අරමුනින් ක්‍රියාකාරි වූ විවිද සංවිධාන අතර කැෆේ සංවිධානයද විහේෂයෙන් එහි ක්‍රියාකාරිකයකු ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මෙම තත්වයට විරෝධය පළ කරයි.

ඔහුගේ නිවේදනයට අනුව, වත්මන් පාලනයේ මැතිවරණ පොරොන්දුවක් ලෙස වංචා හා දුෂණ සොයා බැලීම සදහා යහපාලන ආණඩුව බලයට පත්වීමෙන් දින කිහිපයකට පසුව ස්ථාපනය කරනු ලැබූ ‘දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය‘ ජුනි 30 දින සිට වසා දමා ඇත.

මෙම කාර්යාලය ස්ථාපනය කිරීමෙන් පසුව එයට පැමිණිලි මිණිලි 800 ක් පමණ ලැබී තිබුණු බවත් එයින් පැමිණිලි 250ක් විමර්ශන අවසන් කොට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කරනු ලැබු බව එම නිවේදනය අවධානයට ලක් කරයි. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා පත්‍ර‍ගොනු කොට ඇති නඩු 42 ක ම දුෂණ මර්දන කමිටුවේ විශේෂඥ උපදෙස් ලැබූ වංචා විමර්ශන වේ. මහින්ද රාජපක්ෂ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 700 කට වැඩි ප්‍ර‍මාණයක් ද, යහපාලන රජයේ අමාත්‍යවරුන්, ලේකම්වරුන් පිළිබද පැමිණිලි 29 ක් ද, වෙතත් පැමිණිලි 70 ක් පිළිබද ලේකම් කාර්යාලය කටයුතු කොට ඇත.

එසේම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත විමර්ශන අවසන් කොට යොමු කළ පැමිණිලි 150 ක් පමණ ද, රහස් පොලීසිය වෙත තවත් පැමිණිලි 100 කට වැඩි ප්‍ර‍මාණයක් ද, ස්වාධීන කොමිෂන් සභා, දෙපාර්තමේන්තු, රේගුව වැනි රාජ්‍ය ආයතන වෙත තවත් පැමිණිලි 250 ක් පමණ ද ලේකම් කාර්යාලය පසුගිය සමය තුල යොමු කරනු ලැබීය.

දුෂණ විමර්ශනය සදහා ලෝකයේ අද පවතින් ඉහළම තාක්ෂණික යාන්ත්‍ර‍ණයක් සහිතව දුෂණ විමර්ශන ලේකම් කාර්යාලය ස්ථාපනය විය. පොලිස් නිලධාරියකු වෙත ලැබෙන පැමිණිල්ලක් ඔහුගේ සීමිත විෂය දැනුම මත විග්‍ර‍හ නොකොට, පුළුල් දැනුමක් සහිත විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වෙත යොමු කිරීම තුලින් ඉහළ පලදායීතාවයක් ලබාගැනීමට හැකිවීම මෙහි තිබූ විශේෂත්වය යි. යහපාලන රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දුෂණ චෝදනා එල්ලවීමත් සමගම දුෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැමීමට රජය විවිධ උපක්‍ර‍ම යොදනු ලැබීය.

විශේෂඥයන් ඉවත් කිරීමෙන් පසුව රජයට හිතවත් පිරිසක් යොදා ගනිමින් නාමික ලේකම් කාර්යාලයක් පවත්වාගෙන යාමට රජය සුදානම් වන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සිය නිවේදනයෙන් පවසයි. එම ලේකම් කාර්යාලයේ කාලය ජූනි 30 අවසන් වූ නමුත්, එම කාර්යාලයේ ලිපිගොනු වගකිවයුතු පුද්ගලයන් වෙත විධිමත්ලෙස බාරදීමක් හෝ සිදු වී නැත.




Related News