දෙවැනි සරසවි සිසුවාත් බලහත්කාරී පැහැරගැනීමට ලක් වේ!
Posted on 07.03.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (03) රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකු සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරීන් විසින් පැහැර ගෙන සේ ඇත.
වෛද්‍ය උපාධියක් ලබාදෙන බවට පවසමින් වෛද්‍ය සභාවේ අනුමැතියක් නොමැතිව මුදල් අයකරමින් පාඨමාලා පවත්වන මාලඹේ සයිටම් ආයතනයට එරෙහි අරගල කිරීම හේතුවෙන් රාජ්‍ය මර්දනය දිනෙන් දින උග්‍ර තත්වයකට පත්වෙමින් පවතී. අද දිනයේ මෙසේ පැහැරගැනීමට ලක් වූයේ රුහුණ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ සිවුවන වසරේ සිසුවෙකි. මාතර නගරයේ සිට විශ්වවිද්‍යාලය දක්වා පැමිණෙමින් සිටියේදී සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඔහු පැහැරගෙන ඇත. ජූලි 1 වැනිදා මැද්දවත්ත නේවාසිකාගාරය අසල දී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ ඉසුරු චින්තක අධිකාරී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබිණි.
මින් පෙර අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු, ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සමග තවත්ශි ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබිනි. නම් ලැයිස්තුවක් අනුව පොලිසිය දිවයින පුරා ශිෂ්‍ය දඩයමක් ආරම්භ කර තිබේ. එහි පළමු පියවර ලෙස ශිෂ්‍ය තොරතුරු විශ්ව විද්‍යාලවලින් ලබාගෙන තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ විරෝධතාවට පසුව ජනමාධ්‍ය දර්ශන හා ආරක්ෂක කැමරා(CCTV) දර්ශන යොදාගෙන ශිෂ්‍ය ක්‍රියාකාරින් දඩයමක් සිදුවෙමින් තිබේ. නිවෙස්වලට ගොස් මව්පියන් බියවැද්දීමෙන් ශිෂ්‍ය ක්‍රියාකාරින් හුදෙකලා කිරීමද ඉන්පසුව පැහැරගැනීම්ද ආරම්භ විය. අද සිදු වූ දෙවැනි පැහැරගැනීමත් සමගම සයිටම් විරෝධතා හේතුවෙන් මෑතකදී අත්අඩංගුවට පත් සිසු ක්‍රියාකාරින් ගණන 6ක් බවට පත් වේ.
Related News