නව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්
Posted on 05.10.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ පැවැති දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එරට ප්‍රධාන පෙලේ නීතිඥයකු හා මන්ත්‍රීවරයකු වන මූන් ජේ ඉන් සමත්ව ඇත. ඔහු විසින් ප්‍රකාශිත ඡන්දවලින් 41.4%ක් ලබා ගෙන සිය ජයග්‍රහණය තහවුරු කර ගෙන තිබේ.
දකුණු කොරියානු ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්විය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස මූන් ජේ දකුණු කොරියානුවන් විසින් හදුවන්වනු ලබයි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අතතුරුව මාධ්‍ය ඇමැතූ මූන් ජේ ඉන් පවසා ඇත්තේ උතුරු කොරියාව සමග සමීප සම්බන්ධතා වහාම ඇතිකර ගැනීමට තමා කටයුතු කරන බවයි.
උතුරු කොරියානු න්‍යෂ්ඨික වැඩ සටහන නවතා දැමීම පිළිබදව එරට සමග සාකච්ඡා ආරම්භ කරන බවද නව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
මීට පෙර 2012 පැවැති ජනාධිපතිවරණයේදී ද ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග වැදුණද ඔහුට එම අවස්ථාවේ සිය ප්‍රතිවාදිනිය වූ පාර්ක් ගුවෙන් හයි වෙතින් ඉතා තියුණු තරගයකින් පසු පරාජය බාර ගැනීමට සිදු විය.
නව ජනාධිපතිවරයාගේ දෙමාපියන් උතුරු කොරියාවෙන් දකුණු කොරියාව වෙත 1953 වසරේ පැවති කොරියානු යුද්ධය අතර තුර පැමිණ ඇති බව වාර්තාවේ.
Related News