නෙවිල් ප්‍රනාන්දු රෝහල රෝගියකුට වැරදි ඖෂධ දීලා
Posted on 05.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා විරෝධයට පාත්‍රව ඇති මාලඹේ සයිටම් ආයතනයේ සායනික පුහුණුව දෙන රෝහල ලෙස පවත්වාගෙන යන නෙවිල් ප්‍රනාන්දු රෝහලට හදිසි අනතුරක් හේතුවෙන් ඇතුළත්ව කළ රෝගියෙකුට වැරදි ඖෂධයක් ලබාදීමෙන් රෝගියා බරපතළ තත්වයට පත්ව ඇත.
හිසට පොල්ගෙඩියක් වැටීම හේතුවෙන් පසුගිය 05වනදා ‘නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල‘ යන ව්‍යාජ නාමයක් සහිත මෙම රෝහලට ඇතුළත් කළ රෝගියා නැවත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඉන් පසු ‘ටැමඩෝල් ‘ නම් ඖෂධය ලබා දී ඇත. එවැනි රෝගියෙකුට ලබාදීමට නුසුදුසු එම ඖෂධය දීමේ හේතුවෙන් බරපතළ තත්වයට පත් ව ජාතික රෝහලට යවා ඇත. එම ඖෂධය හේතුවෙන් රෝගියා පිළීබද නිවැරදි නිර්ණයක් කල නොහැකි ගැටලු මතුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
ඩෙංගු රෝගය නිසා මෙම පෞද්ගලික රෝහලට ඇතුළත් කළ ඖෂධ නමැති දරුවාට වැරදි ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව මව්පියන් ඤෝදනා කරන ලදී. ඉන්පසුව පුවත් අවස්ථා කිහිපයකදීම රෝගීන්ට වැරදි ප්‍රතිකාර ලබාදීම වාර්තා වීමද විශේෂත්වයකි.

Related News