தமிழ்
English
Contact
Monday 30th April 2018    
නේවාසික රෝගීන් කුසගින්නේ තබන රෝහල « Lanka Views | Views of the truth

නේවාසික රෝගීන් කුසගින්නේ තබන රෝහල



මධ්‍යම පාලත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනය කරනු ලබන වටවල ප්‍රාදේශීය රෝහල සති දෙකක සිට නේවාසික රෝගීන්ට ලබා දෙන අහාර ලබා නොදෙන බවත් මේ හේතුවෙන් නේවාසික රෝගීන් දැඩි අපහසුතාවයකට පත් ව ඇති බවත් වාර්ථා වේ.

රෝගීන් බැලීමට පැමිණෙන පිරිස රැගෙන එන ආහාර, වෙල් තුන සඳහාම භුක්ති විදීමට සිදුව ඇති බවත් රෝහල් සේවකයින් විසින් සිය පෞද්ගලික මුදලින්ද රෝගීන්ට ආහාර ලබා දෙන අවස්ථා ද ඇති බවත් රෝගීන් හට නිරාහාරව සිටීමට සිදුවන අවස්ථාද බහුල බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රෝහලේ දෛනික අහාර සපයන කොන්ත්‍රාත්කරුට ලබා දිය යුතු වූ මුදල් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව වාර්ථා වේ.




Related News