தமிழ்
English
Contact
Friday 22nd September 2017    
පනත වෙනස් කර ගංවතුර නවත්වන්න යයි « Lanka Views | Views of the truth

පනත වෙනස් කර ගංවතුර නවත්වන්න යයි



1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥා පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ආණ්ඩුව පවසයි. ඊයේ දින(31)  පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කරන ලදි.

නිවාස වලින් ඉවත් කරවීමට අවශ්‍ය බලතල විෂයභාර අමාත්‍යවරයාට ලබා ගැනීම මෙහි එක අරමුණක් බවද මෙහිදී ප්‍රකාශ විය. පසුගියදා දිවයිනට බලපෑ තත්වය හමුවේ විශාල ජීවිත හානියක් සිදු වීම සහ ආණ්ඩුව විසින් ගත හැකිව තිබු ක්‍රියාමාර්ග නොගැනීම තත්වය දරුණු වීමට ප්‍රධාන හේතුවක් විය. එලෙස ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව නීති රෙගුලාසි වල බලපෑමක් බවට පෙන්වා දෙමින් නැවතත් ආණ්ඩුව විසදුම් වෙනුවට ජනතාවට අලුත් ගැටළු නිර්මාණය කර දීමට උත්සහ කරමින් සිටී.




Related News