ප්‍රංශ ජනපති ලෙස එමානුවෙල් මැක්රෝන් පත්වේ
Posted on 05.08.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ ප්‍රංශයේ ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එමානුවෙල් මැක්රෝන් ජයගෙන තිබේ. මැක්රෝන් මෙවර ජනාධිපතිවරණයේ භාවිතා කළ ඡන්දවලින් ඡන්ද 66.1%ක ප්‍රතිශතයක් ලබාගෙන දැඩි දක්ශිණාංශික අපේක්ෂිකාව පරාජයට පත්කර ඇත. මාරි ලිපෙන්ට ලැබූ ඡන්ද ප්‍රතිශතය වූයේ 39.9% ප්‍රතිශතයකි.
ඇය විසින් මැක්රෝන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී දැවැන්ත ලෙස ඔහුගේ ව්‍යාජ ලියකියවිලි අන්තර්ජාලය හරහා මුදා හැර ඔහුට විශාල අභියෝගයක් අවසන් මොහොතේදී එල්ල කරනු ලබුවාය. කෙසේ වෙතත් ප්‍රංශ ජනතාව අන්ත දක්ශිණාංශික මාරි ලී පෙන් වෙනුවට මැක්රොන් තෝරාගැනීම ප්‍රංශය යුරෝපා සංගමයේ තවදුරටත් රැදී සිටිමට ඇති කැමැත්තද මේ ප්‍රතිඵල අනුව පෙනී යයි.
මෙවර ප්‍රංශ ජනාධිපතිවරණයේදී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයකු හෝ සමූහාණ්ඩුවාදී අපේෂකයකු අවසන් වටයට තේරීපත්ව නොසිටීම හේතුවෙන් මැක්රෝන්ගේ පැමිණීමට මහත්ව ඉවහල්වී ඇති බව පෙනී යයි.
එමානුවෙල් මැක්රෝන් එරට තේරී පත්වූ ලාබාලම ජනාධිපතිවරයා ලෙස සැලකේ. ප්‍රංශය තුල මතුව ඇති විරැකියාව හා තරණ අසහනය හා සමාජ සුබසාධන කප්පාදුව යන කරනු මැක්රෝන් විසින් මුහුණ දෙන මූලිකම ප්‍රශ්න අතර ප්‍රධානවේ.
Related News