ප්‍රජාතන්ත්‍රවාදය සදහා අරගලය අවසන් නෑ, සන්ධිස්ථානයකට ඇවිත්! – පුබුදු ජයගොඩ
Posted on 12.04.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වසරකට පමණ පෙර සිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සදහා විවිධ වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරිකයන් සමග ගෙන ගිය අරගලය අවසන් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සදහා ඒකරාහි වී සිටින වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරිකයන් සමග ඒකාබද්ධව ඊයේ (3) කොළඹ ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඔහු දැක්වූ අදහස් පහත පරිදිය.
“අවුරුද්දකට පමණ පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සඳහා වූ අරගලය සඳහා එක් වූ සංවිධාන සමග අප මේ මාධ්‍ය සාකච්ඡාව පවත්න්නේ අප ගෙන ගිය අරගලයේ එකතරා සන්ධිස්ථානයක සිට.
අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමට සංවිධාන විධියට එක් වුණේ මූලික සටන්පාඨ කිහිපයක් සම්බන්ධ එකගතාවයක් ඇතිවයි. ඒ එකඟතා අතර මූලික වෙන්නේ
‘සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරනු!,
අතුරුදන්වූවන් හා පැහැරගැනීම් පිළිබඳ තොරතුරු හෙළි කරනු!,
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරනු! සහ
කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය පිළිගනු ! කියන ඉල්ලීම, එයින් අපි පුලූල්ව සාකච්ඡා කළේ මර්දනය නිසා විදේශගතවූවන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියන පුලූල් අර්ථයෙන්.
මේ වනවිට මේ අරගලයේ එක් සන්ධිස්ථානයක් සලකුණු වෙලා තිබෙනවා.
‘කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු‘ කියලා ඉල්ලීමක් මේ උද්ඝෝෂනික ක‍්‍රියාමාර්ග අතර තිබුණේ කුමාර් ගුණරත්නම් සහෝදරයගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ගැන නෙවෙයි. ලංකාවේ පසුගිය වකවානුව තුළ මර්දනය නිසා රට හැර යන්න සිදුවුණු සියලූ දෙනාගෙ අයිතිවාසිකම් පිළිබද ගැටලූවක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි 2015 නොවැම්බර් 13 වැනිදා සිට අද දක්වා අව් වැසි සුළං මැද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට වාඩි වෙලා සත්‍යග‍්‍රහයක යෙදී සිටියා. මෙහි අප සමග එක්වූ වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ අතුළු සංවිධාන ඒ විරෝධතාවයට වගේම වෙනත් විවිධ ආකාරයෙන් මෙම සටන්පාඨ වෙනුවෙන් අරගලයක නිරත වුණා.
කුමාර් සහෝදරයා සම්බන්ධව එස්.බී.නාවින්න ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළා ඔහු පිටුවහල් කරන්නෙ නෑ, පුරවැසි අයිතිය පිළිබඳ ඉල්ලීමක් කළොත් සලකා බලනවා කියලා. ඒ සිරගත කාලය අවසන්වන අන්තිම මෙහොතේදිත් ඔහුව පිටුවහල් කිරීමේ උත්සාහයක් ආණ්ඩුව විසින් ගෙන තිබුණා. නොවැම්බර් 15 වැනිදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා ‘සිරදඩුවම අවසානයේ කුමාර් ගුණරත්නම් පිළිබද කුමන තීරණයක් ගතයුතුද?‘ කියලා නිර්වචනයක් දෙන්න කියලා. ‘පිටුවහල් කරන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දෙනවද නැතනම් මොකක්ද කරන්නෙ‘ කියලා අධිකරණයේ අදහස විමසා පෙත්සමක් භාර දීලා තිබුණා. නොවැම්බර් 29 වැනිදා කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දැනුම් දී තිබුණෙ ඒ පිළිබඳ තීන්දු දෙන එක අධිකරණයට අයත් කාර්යයක් නොවන බව. සිරදඩුවමක් විදින කෙනෙකු නිදහස් වූ පසු මොකක්ද කරන්නෙ කියන එක අධිකරණයට තීරණය කළ නොහැකි බව දැනුම් දී තිබුණා. ඒ නිසා නොවැම්බර් 29 වැනිදා දක්වා ඔහු පිටුවහල් කරන්න පුළුවන් කොහොමද කියන උත්සාහයක තමයි ආණ්ඩුව හිටියේ.
ඒ වගේම කුමාර් ගුණරත්නම් සහෝදරයාගෙ සිරදඩුවම අවසන් වෙන දිනය ලෙස අපට දැනුම් දී තිබුණේ දෙසැම්බර් 9 වැනිදා. නාවින්න ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙදි ප‍්‍රකාශයක් කරනකොට කීවෙත් දෙසැම්බර් 9 නිදහස් වන බවයි. නමුත් අපි කවුරුත් දන්නෙ නැතිව දෙසැම්බර් 2 වැනිදා තමයි ඔහු නිදහස් කරන්න නියමිත වුණේ. අපි කවුරුත් දන්නෙ නැතිව ඒ නිදහස් කිරීම හා අවශ්‍ය නම් පිටුවහල් කිරීම කරන්න හැකිව තිබුණා. නමුත් අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග කළ සාකච්ඡුාවකදි තමයි දැනගන්න ලැබුනේ ඔහු නිදහස් වෙන්නෙ දෙසැම්බර් 2වැනිදා බව. අන්තිම මොහොත දක්වාම දෙගිඩියාවක් තිබුණා. දැන් කුමාර් සහෝදරයගෙ පුරවැසි අයිතිය පිළිඅරගෙන තිබෙන බව පෙනෙනවා. නමුත් ඒ පුරවැසි අයිතිය තහවුරු කරලා නෑ. ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙදි කළ ප‍්‍රකාශයේ තියෙන්නෙ විධිමත් ලෙස අයදුම් කළොත් පුරවැසිභාවය ලබා දෙන්න පුලූවන් කියලා. නමුත් අපි විධිමත්ව දෙවරක් පුරවැසි අයිතිය වෙනුවෙන් අයදුම්පත‍්‍ර ඉදිරිපත් කරලා තියෙනවා.
ජනවාරි 18 වෙනිදා සහ 2015 නොවැම්බර් 2 වැනිදා වශයෙන් දෙවරක් පාරම්පරික පුරවැසිභාවය සඳහා අයදුම්කරලා තියෙනවා. නමුත් දැන් අයදුම් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් අප ඒ සඳහා අයදුම් කරන්න ලෑස්තියි. ඒ අතර කාලය සඳහා මාස දෙකක තාවකාලික වීසා බලපත‍්‍ර නිකුත් කරලා තිබෙනවා. නමුත් මේ වීසා සඳහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයා සිරදඩුවම් කාලය අවසන් වුණාට ඔහුගෙ පුරවැසි අයිතිවාසිකම් තහවුරු වෙලා නෑ. ඔහුගෙ කට බැඳලා, ඇඟ බැඳලා ලංකාවෙ ඉන්න දීලා තියෙන්නෙ. ඒ නිසා ප‍්‍රශ්නය තවම විසඳිලා නෑ. දැන් අපි ඒකාබ්ධව ක‍්‍රියාත්මක වෙමින් කළ අනෙකුත් ඉල්ලීම් සම්බන්ධව තවමත් කිසිම දෙයක් වෙලා නෑ.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා ඉල්ලූවාට ආණ්ඩුව කියන්නෙ දේශපාලන සිරකරුවන් නෑ කියලා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ඇමැතිවරු කියන්නෙ ලංකාවෙ දේශපාලන සිරකරුවන්නෑ, ඉන්නෙ සැකකරුවවන් කියලා. ඒ නිසා ඒ ප‍්‍රශ්නය තවම විසඳිලා නෑ. අතුරුදන්කළවුන් හා පැහැරගැනීම් ගැන තොරතුරු හෙලිකරන්න කියන ඉල්ලීම ගත්තම තොරතාගත් සිදුවීම් කීපයක් ගැන ප‍්‍රදර්ශනාත්මක ක‍්‍රියාවලියක් ආරම්භ වුණා. ඒ නිශ්චිත කාරණා ගැනත් සාධාරණයක් ඉටු වෙලා නෑ. දැන් හොදම උදාහරණය තමයි ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ සැකකරුවන් නිදහස් කරලා තියෙනවා. මර්දනය නිසා විදේශගතවුවන් සම්බන්ධව ආණ්ඩුව කිසිම දෙයක් කරලා නෑ. නීතියේ සඳහන් නොවන ක‍්‍රමවිල්නි විදේශගතවූවන්ට යම් හෝ සාධාරණයක් වෙන්නෙ ඒකට අදාළ නීති සංශෝධන සිදු කළොත් පමණයි. නැත්නම් ඒ අයට නැවත ලංකාවට එන්න නීතිමය ආවරණයක් නෑ. එවැනි එක් අයෙකුගේ ඒ කියන්නෙ, කුමාර් සහෝදරයගේ පුරුසිභාවය පිළිගන්නවා කියලා පමණයි ප‍්‍රකාශ කළේ. අනෙක් අයගෙ ප‍්‍රශ්න එහෙමමයි.
මේ ප‍්‍රශ්නය කුමාර් සහෝදරයගෙ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද රටේ ප‍්‍රහ්නයේම කොටසක් ලෙස අපි සලකනවා. මොකද මේ අරටේ ආර්ථික ප‍්‍රතිපත්ති හා සම්බන්ධ දෙයක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ආර්ථික තලයේ සමහර වෙනස්කම් සිදුවනවිට විරෝධතා පැන නගිනවා. ඒ වෙලාවට නීතිය හරහට දාලා තමයි මර්දනය ගෙන එන්නෙ. දැන් බස් රියැදුරන් හා වෘත්තිය සමිති නීති ක‍්‍රියාත්මක කිරීම ගැන මුදල් ඇමැති රවි කරුණානායක කියනවා. මේ නිසා මේ කාරණය, ඉදිරියෙදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ තවදුරටත් සටන් කරන්න, අරගල ඇති කරන්න අවස්ථාවක් කරගන්න ඕන. කොටුව දුම්රියපොළ අඛන්ඩ විරෝධතාවයෙදි මේ එක්ව සිටින සංවිධාන සමග අපි අවුරුද්දක් ගෙවා දැමුවා.
නමුත් ඒ එක් ප‍්‍රශ්නයක් ගැනවත් අද නිශ්චිත විසඳුම් නෑ. ඒ නිසා සටන ඉදිරියට යනවා. අප සමග මේ අරගලයෙ එක්ව සිටින සැමට ස්තුති කරන්න මේ අවස්ථාවක් කර ගන්නවා.“
Save
Related News