පුරප්පාඩු 50,000ක් පියවන්නට කඩිනමින් රැකියා දෙනු! – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
Posted on 08.06.2016 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමති වෙත සංදේශයක් බාරදෙන්නට කටයුතු කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
2012 අපේ‍්‍රල් මස මේ දක්වා 30,000 කට ආසන්න උපාධිධාරීන් ප‍්‍රමාණයක් දිවයින පුරා විරැකියාවෙන් සිටිති. ඉන් අදහස් වන්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම විශ්වවිද්‍යාල අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්, රැුකියා විරහිත සෞන්දර්ය උපාධිධාරීන්, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු මෙතෙක් රැුකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් වේ.
කෙසේවෙතත් මේ මොහොතේ ගුරු පුරප්පාඩු 32,000 ක් ඇති බව අගමැතිවරයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත. අධ්‍යාපන අමතිවරයාද ඒ සම්බන්ධ අදහස් දක්වා ඇතිි අතර ජනාධිපතිවරයාද රටේ උග‍්‍ර ගුරු හිඟයක් පවතින බව පිළිගෙන ඇත. එහෙත් මෙම වසරේ ජනවාරී මස ලබාදීමට පොරොන්දු වූ 5,000ක් වූ උපාධිධාරී රැුකියා ප‍්‍රමාණයෙන් තවත් රැුකියා 2,500ක් දියයුතුව තිබේ. ආණ්ඩුව පිලිගෙන ඇති පරිදි තොරතුරු නිලධාරීන් ලෙස බඳවා ගැනීමට යෝජිත 8,000 ත් සමග සියලූ උපාධිධාරී රැකියා පුරප්පාඩු 42,500ක් ඇති බව පෙනී යයි. මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මට්ටමින් සහ පළාත් මට්ටමින් තවත් විශාල පුරප්පාඩු ප‍්‍රමාණයක් පවතී. නිදසුන් ලෙස මධ්‍යම පළාතේ පමණක් සංවර්ධන නිලධාරී පුරප්පාඩු 1200ට අධික වේ. මේ අනුව උපාධිදාරින් බඳවා ගත හැකි ආකාරයේ රැුකියා පුරප්පාඩු 50,000කට ආසන්න ප‍්‍රමාණයක් තිබෙන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පෙන්වා දෙයි.
පසුගිය වසරේ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡුාවෙන් පසුව රැකියා ගැටලූව විසඳීම සඳහා යැයි කියමින් ‘අගමැතිවරයා විසින් පත් කළ කමිටුව’ ද අකර්මන්‍ය තත්වයේ පවතී. විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නැති පසුබිමක් තුළ නැවත රැකියා ඉල්ලා අරගලයක් කිරීමට සිදුවී ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අවධාරණය කරයි.
මේ දිනවල එම පෙත්සම අත්සන් කිරීම දිස්ත‍්‍රික් මට්ටමින් සිදුවන බවත් හැකි ඉක්මනින් එම සංදේශය භාරදී මෙම රැකියා අර්බුදය විසදන්නට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරන බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ පවසයි. එහිදී රැකියා විරහිත උපාධිධාරින්ගේ ප‍්‍රධාන ඉල්ලීම් මෙසේය.
1. සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට උපාධි ලබාගත් වර්ෂය පදනම්ව විධිමත් රැකියා ලබාගැනීම
2. බඳවා ගන්නා අවම වයස් සීමාව 45 දක්වා වැඩිකර ගැනීම
3. ගුරු පුරප්පාඩු 32000 සඳහා රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගන්නා ලෙස ඉල්ලීම
4. ලබාදීමට නියමිතව තිබූ උපාධිධාරී රැකියා 5500 න් ඉතිරි 2500 ක් රැකියා ප‍්‍රමාණය කඩිනම් කරගැනීම
5. තොරතුරු නිලධාරීන් ලෙස බඳවා ගැනීම නියමිත 8000 ක ප‍්‍රමාණය රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පුරවන ලෙස ඉල්ලීම
6. සියලූ පළාත්වල පවතින ගුරු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු වහා පුරවන ලෙස හා ඊට අදාළ මුදල් වෙන්කරන ලෙස ඉල්ලීම
7. සියලූ පළාත්වල ගුරු විභාග සමතුන්ට සාධාරණය ඉටුකර ගැනීම
මෙම ඉල්ලීම් මුල්කරගනිමින් භාරදෙන්නට නියමිත සංදේශයට අත්සන් කිරීමේ අවස්ථා පහත ඡායාරූපවලින් සටහන් වේ.

බස්නාහිර පළාත

උෟව පළාත් රැකියා විරහිතයන්ගේ සමුලුව

රත්නපුර

මාතර

කෑගල්ල

හම්බන්තොට

කුරුනෑගල

මඩකලපුව
Related News