පෙරටුගාමී සමාජවාදී පක්සයේ දෙවැනි ජාතික මහ සමුළුව ඊයේ (01) උදෑසන 10.00ට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.
මෙවර සමුළුවේ තේමාව වුයේ ‘අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, පන්තියට පක්ෂයක්’ යන්නයි. එහි සාමාජික සාමාජිකාවන් සඳහා පෙරවරු සැසිය උදේ 10.00ටද විවෘත සැසිය සවස 2.00ටද පැවැත්විණි. සභාපති මණ්ඩලය ලෙස සේනාධීර ගුණතිලක, කුමාර් ගුණරත්නම් සහ දුමින්ද නාගමුවද ලේකම් මණ්ඩලය ලෙස චමීර කොස්වත්ත, පුබුදු ජයගොඩ සහ ජූඩ් සිල්වාපුල්ලේ පත් කරනු ලැබිණි.
සමුළුවේදී වත්මන් දේශපාලන තත්වය පිලිබඳ දේශපාලන වාර්තාවක්ද, ඒ හා සම්බන්ධව දේශපාලන වැඩපිළිවෙලක් සඳහා සමුළු යෝජනා මාලාවක්ද සම්මත කර ගන්නා ලදී.
පක්ෂය තුළ සිදු කෙරුණු දේශපාලන සංවාදයකින් අනතුරුව එළඹුණු ස්ථාවරයන් පිලිබඳ කෘති තුනක් එදින එලි දක්වන ලද්දේ පක්ෂයේ පැරණි සහ නව පරම්පරා නියෝජනය වන සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුට ඒවා පිළිගන්වමිනි. ඒ පහත නම් සඳහන් කෘතීන් වේ.
-
දර්ශනය හා දේශපාලනය – නිර්ධන පන්ති ව්‍යාපාරයේ ස්ථාවරය පිලිබඳ විමසා බැලීමක්
-
පක්ෂය හා විප්ලවීය බහුජන ව්‍යාපාරය – පදනම් මූලධර්ම පිලිබඳ විමසුමක්
-
ලංකාවේ ජාතික ගැටලුව විසඳීම පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය සඳහා ප්‍රවේශයක්
එදින වැඩසටහන සඳහා සිංහල-දෙමල-ඉංග්‍රීසි ගීත සහ නර්තන අංගයක් ඇතුලත් සංස්කෘතික සංදර්ශනයක්ද අඩංගු විය. ලංකාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සුබ පැතුම් ඉදිරිපත් කළ අතර ලංකාවේ වාමාංශිකයන් ලෙස එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, වමේ හඬ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය, ප්‍රක්සිස් සාමූහිකය, නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන ලංකාවේ වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් සහභාගී විය. එමෙන්ම ජර්මන් මාක්ස් ලෙනින්වාදී පක්ෂය, කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව, පස්වන ජාත්‍යන්තරයක් සඳහා වූ ජාත්‍යන්තර ලීගය,ඉන්දියානු මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඉතාලියේ රිෆොන්දසියෝනේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු විදෙස් පක්ෂ ගණනාවක නියෝජිතයන්ද, ලංකාවේ කියුබානු තානාපතිනියද සමුළුවට සුබ පැතුම් එක් කරන ලදී.
සමුලුවේදී සාමාජික ඡන්දයෙන් තෝරාගත් නව මධ්‍යම කාරක සභාව එදින සවස පැවැති සමුූළු උත්සව සභාවේදී හදුන්වා දෙන ලදී.
නව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත් වූයේ සේනාධීර ගුණතිලක, කුමාර් ගුණරත්නම්, චමීර කොස්වත්ත, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව ,විමල් වත්තුහේවා, රංජිත් ශාන්ත, රවින්ද්‍ර මුදලිගේ, ජූඞ් සිල්වා පුල්ලේ, ඉන්ද්‍රානන්ද ද සිල්වා, සුජිත් කුරුවිට, ප‍්‍රියන්ත කලූආරච්චි, චන්ද්‍රසිරි ලන්දගේ, විමල් පියතිස්ස සහ විපුල හේමකුමාර යන අයයි. එසේ මධ්‍යම කාරක සභාව තුළ පක්ෂයේ නිලධාරි මණ්ඩලයද වේ. ඒ අනුව, පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ලෙස සේනාධීර ගුණතිලක ද සංවිධායක ලේකම් – කුමාර් ගුණරත්නම්, පාලක ලේකම් – චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් – පුබුදු ජයගොඩ, ප‍්‍රචාරක ලේකම් – දුමින්ද නාගමුව, මුදල් ලේකම් – විමල් වත්තුහේවා නව නිලධාරි මණ්ඩලයයි.


Save