මාස තුනක් දුන්නොත් හොරු අල්ලනවා! – ජනාධිපති කියයි
Posted on 07.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන්ට පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව බාරදුන්නොත් මහා පරිමාන වංචා දූෂන පිලිබද චෝදනා ලැබුවන් මාස තුනකින් නීතිය ඉදිරියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ඒ අනුව, 2015 ජනවාරි 8 විධායක බලයට පත්වූ ජනාධිපතිවරයා ලෙස වසර දෙක හමාරක් එම බලය අතැතිව සිටියද මේ දක්වා හොරු ඇල්ලීමේ නාට්‍ය අසාර්ථක බව ජනාධිපතිවරයා පිලිගෙන තිබේ. පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුව කියු වංචා දූෂණ ඇල්ලීමේ ක්‍රියාදාමයේදී අසාර්ථක බව ඔප්පු කර ඇති බවක්ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව තිබෙන බව පැහැදිලිය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා යහපාලනයක් ස්ථාපිත කරන්නට ජනවරමක් ඉල්ලූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිධුරයට පත් වූ පසුව තමන්ට බලයක් නැති නිසා එම පොරොන්දු ඉටු කළ නොහැකි වූ බවට හේතු දක්වමින් තවත් මාස කිහිපයක් වෙනත් අයට හිමි බලයද අත්පත් කරගන්නට සූදානම් වන්නේ පොරොන්දු ඉටු කිරීමටද නැත්නම් විධායක බලය යටතට පොලිසිය හා නීතියේ කෘත්‍ය යට කරන්නටදැයි සැකයක් මතු වේ.
Related News