මහඉලුප්පල්ලම ප්‍රදේශයේ විරෝධතාවක්

මහඉලුප්පල්ලම ප්‍රදේශයේ මාතෘ සායන ඇතුළු සායන පැවැත්වීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් නොමැති බැවින් එම ප්‍රදේශයේ ජනතාව අද දින (09) කැකිරාව- අනුරාධපුරය මාර්ගය අවහිර කර විරෝධතාවයේ යෙදුනහ.

මහිලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ මාතෘ සායනය ඇතුළු අනෙකුත් වෛද්‍ය සායන පැවැත්වීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් කරමින් පැය 3කට ආසන්න කාලයක් ඔවුහු මෙම විරෝධතාව ගෙන ගියහ.