මහින්දගෙන් බලය ගෙනදුන් ජනතාව මහින්ද කැපූ වලටම ඇද දැමූ හැටි මහ බැංකුව කියයි
Posted on 05.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2014 අවසානයට රට ඇද දමා තිබුණූ ණය උගුලේ ගැඹුර වත්මන් හවුල් ආණ්ඩුව විසින් තවත් ගැඹුරට පත්කළ ආකාරය 2016 වසර සදහා ශ්‍රීලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් හෙළිකර ඇත.
මහබැංකුව විසින් 2016 සදහා සකස් කළ වාර්සික වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවට අනුව, 2014දී රුපියල් මිලියන 7,390,899 ක් ලෙස මහබැංකුව වාර්තා කරන රාජ්‍ය ණය ප්‍රමාණය වසර දෙකක් තුළ රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුව මිලියන 9.387,303 ක් දක්වා ඉහළ දමා ඇත. රාජ්‍ය ණයවල මෙම වැඩිවීම ලංකාවේ දල දේශිය නිෂ්පාදනයෙන් සීයයට 71.3% සිට 79.3% ක් දක්වා ඉහළ යාමනකි.මෙසේ දේශිය හා විදේශීය වශයෙන් ගෙන ඇති රාජ්‍ය ණය ඉහළ යාම ප්‍රතිහතාත්මකව 27% කි. වෙනත් ආකාරයකින් කිවහොත් එය ලංකා රජය ණයවීම ආරම්භ කළ බව සැලකෙන 1950 සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා ගොඩ ගැසුණූ සමස්ථ ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 2000කින් වැඩිකරදීමකි.
අවසානයේදී මෙම ණය ගෙවාදැමිය යුතු වැරදි ආර්ථික පිළීවෙත් නිසා රට ණය උගුලට ඇද දමන පාලකයන් නොව මෙරට ජනතාවගේ ඉදිරි පරම්පරාවන් බව නොසැගවිය හැකි සත්‍යයයි. රාජපක්ෂ ඇතුළු මෙතෙක් සිටි පාලකයන් සිය පරපුර සදහා උපයාගත් ධනය විදේශ බැංකුවල පොදි ගසන අතර මෙරට ජනයාගේ දරුවන්ට හිමිවන්නේ ණය උගුලකි.
Related News