අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මැදිහත්වීමෙන් මුලතිවු ප්‍රදේශයේ, කුලාමරිප්පු රක්ෂිතයේ අක්කර 177ක ප්‍රදේශයක් ඉරාන ණය ආධාර මත ජානවාස කිරමට යන බව වාර්තා වේ.
මෙලෙස නිවාස ලබා දීමට තීරණය කර ඇත්තේ කිච්චාරාපුරම් ප්‍රදේශයේ නිවාස නොමැති පිරිසකට වේ.
එහි ආරම්භ කිරීමේ උත්සවය අද දින (11) පැවැත්වීමට නියමිතව තිබු අතර වනසංරක්ෂණ දෙපාර්තමෙන්තුව අවසර ලබා නොදීම මත එම උත්සවය පැවැත්වීමට නොහැකි වී ඇත. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් විල්පත්තු රක්ෂිතය ආශ්‍රිතව සිදු කරන ලද මෙවැනිම පරිසර විනාශයටද වගකිව යුත්තේ මෙම අමාත්‍යවරයාම වේ.
මෙලෙස නිසි අධ්‍යනයකින් තොරව සිදු කරන වන සංහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට හෙක්ටෙයාර් 8000ක ප්‍රමාණයක් අහිමි වන බව පරිසර වේදීන් විසින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් දිගින් දිගටම සිදුකරන පරිසර විනාශය වැලැක්වීම සම්බන්දව පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ පමණක් නිකුත් කරමින් සිටී.