මේ කපන්නෙ අපෙ අයිතිය – උදුර ගන්නෙ අපෙ ජීවිත – ‘වෙනසක තාරුණ්‍යය‘ වීදි බසී!
Posted on 11.25.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අාණ්ඩුව විසින් 2017 වසර සදහා ඉදිරිපත් කළ අයවැය තුළින් තරුණ ප්‍රජාවට අැති කරන පීඩාව සම්බන්ධව විරෝධය පළ කරමින් ‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධානය විසින් අද දින ගාල්ල නගරයේදී උද්ඝෝෂනයක් පවත්වන ලදී.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය ලෙස තමන් විසින් ආණ්ඩුවේ කොල්ලකාරී අයවැයට එරෙහිව ජනතා අයිතින් උදෙසා සටන් වැදීමට තීරණය කළ බව එහිදී තරුණ ක්‍රියාකාරිහු ප්‍රකාශ කළහ.
පසුගිය අයවැයෙන් තරුණයන්ට වයිෆයි පහසුකම් පිළිබද ඇති කළ බොරු පොරොන්දුව ගැනත් දුරකථන සබදතාවලට බදු ගැසීම, අන්තර්ජාල පහසුකම්වලට ගාස්තු ඉහළ දැමීම, බාහිර උපාධි කප්පාදුව වැනි තීරණවලට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය මුදලට දීමේ අරමුණින් ඉදිරිපත්කර ඇති ප්‍රතිසංස්කරණවලට ඔවුහු විරෝධය පළ කළහ.
‘මේ කපන්නෙ අපෙ අයිතිය
උදුර ගන්නෙ අපෙ ජීවිත’
ආදි වශයෙන් අයවැයෙන් යෝජිත කප්පාදුවටත් පසුගිය අයවැයෙන් තරුණ ප්‍රජාවට අදාළව දුන් පොරොන්දු ඉටු නොකිරීමටත් එරෙහිව ‘වෙනසක තාරුණ්‍යය‘ ක්‍රියාකාරිහු ගාල්ල නගරයේදී සටන්පාඨ කියමින් පත්‍රිකා බෙදමින් ආණ්ඩුවට විරෝධය පළ කළහ.

Related News