தமிழ்
English
Contact
Monday 12th March 2018    
යාපනය විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යාපනය විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දමයි!



යාපනය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන් දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව ජනමාධ්‍ය වෙත දන්වා තිබේ.

විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(16) විශ්වවිද්‍යාල භූමියේ ඇති වූ ගැටුම හේතුවෙන් මෙම තීරණය ගත් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග උප කුලපතිනිය මහාචාර්ය අර්සරත්නම් සඳහන් කරයි.පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවය අවස්ථාවේදී හටගත් ගැටුම හේතුවෙන් සිසුන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබුණි. ඉන් පසුව, යාපනය විශ්වවිද්‍යාලයට හා විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබිණි. ඊයේ ගත් තීරණයකට අනුව විද්‍යාපීඨය සති දෙක් සදහා වසා දැමුනු අතර විද්‍යා පීඨයේ ඉගෙන ගන්නා සිංහල සිසුන් නිවෙස් බලා යන්නට උපදෙස් දී තිබිණි.  එහිදී තුවාල ලද සිසුන්ගෙන් ඇතැමකු කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත.

මේ අතර, යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදු වූ ගැටුම් පදනම් කර ගනිමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සියලුදෙනාගෙන් ඉල්ලා සිටියි. යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උත්සවයක් අතරතුර ස්කෘතිකාංගයක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙන බවද අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කරයි. දෙපිළකට බෙදී ගැටුම් ඇතිකර ගැනීම අනුමත නොකරන බවත්, එවැනි ගැටුම් මූලික කර ගනිමින් යම් යම් පිරිස් ජාතිවාදය වැපිරීමට ගන්නා උත්සාහ දැඩිලෙස හෙළාදකින බවත් ඔහු අවධාරනය කරයි.

යාපනය විශ්ව විධ්‍යාලයේ ඇතැම් තොරතුරු මූලාශ්‍රවලට අනුව චෝදනා නඅගෙන්නේ මෙම ගැටුමේදී බාහිර පිරිස් විශ්ව විද්‍යාලය තුළට අැතුළුව පහරදීමක් සිදුව ඇති බවය. මෙවැනි අවස්ථාවක ගැටුම පාලනය කිරීමේ වගකීම ඇති ආරක්ෂක අංශ විසින් සිය වගකීම ඉටු කරනවා වෙනුවට පාර්ශ්වික ලෙස මැදිහත්වන බවටද ශිෂ්‍යයෝ චෝදනා කරති.

2016.07.17 jaffna uni clash1

2016.07.17 jaffna uni clash




Related News