தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
යුරෝ කුසලාන අවසන් තරගයට පෘතුගාලය සුදුසුකම් ලබයි. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝ කුසලාන අවසන් තරගයට පෘතුගාලය සුදුසුකම් ලබයි.



ඊයේ පැවැති පෘතුගාලය හා වේල්සය අතර ලියෝන්හි පැවැති තරගයෙන් පෘතුගාලය විසින් 2-0 ලෙස වේල්සය පරදවමින් යුරෝපා කුසලාන පාපන්දු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීඹට සමත්විය.

තරගයේ පනස්වැනි විනාඩියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩො හිසින් එල්ලකරන ලද පහරකින් පෘතුගාලය තම ප්‍රථම ගෝලය ලබා ගැනීමට සමත්විය. ඉන් පසුව නැනී විසින් එල්ල කරන ලද තවත් පහරකින් දෙවන ගෝලය තම කණ්ඩායමට ලබා ගැනීමට පෘතුගාල ක්‍රීඩකයෝ සමත්විය.

වේල්සය මෙම තරගයට මුහුණදුන්නේ තම රට 1958 වසරේ 3-1  ලෙස බෙල්ජියම පරාජය කිරීමෙන් පසුව ප්‍රථම වරට යුරෝපා පාපන්දු අර්ධ අවසාන තරගයකට ඊයේ  මුහුණ දෙමිනි.

වේල්සය විසින් මෙම තරගය කෙරෙහි මහත් බලාපොරොත්තු තබා සිටියත් එක් ගෝලයක් හෝ ලබා ගැනීමට පෘතුගාල කණ්ඩායමෙන් කිසිදු ඉඩක් නොලැඹුනි.

ඉරිදා පැවැත්වෙන යුරෝ කුසලාන අවසන් මහා තරගයට ප්‍රංශය හෝ ජර්මනිය සමග පෘතුගාලයට වැදීමට සිදුවනු ඇත.




Related News