රජයේ මිනින්දෝරුවන් දවස් දෙකක සංකේත වැඩ වර්ජනයකට සැරසේ
Posted on 07.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් රජයේ මිනින්දොරු සංගමය හෙට(11) දින සිට දින දෙකක සංකේත වැඩවර්ජනයක නියෙලෙන බව අද(10) දින දඹුල්ලේ දී පැවතී මාධ්‍ය හමුවකදී එම සංගමය ප්‍රකාශ කරන ලදි.
මෙම ගැටළු සම්බන්දව මින් පෙර විෂය භාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමඟ සිදු කරන ලද සාකච්ඡාවේ දී අදාළ ඉල්ලීම් සතියක් ඇතුලත ලබා දෙන බවට පොරොන්න්දු වී මාස එකහමාරක් ගත වන තුරුත් අදාළ ඉල්ලීම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් යම් හෙයකින් 12 වෙනිදා ට ප්‍රථම ඉල්ලීම් සඳහා සාධාරණ විසදුම් නොලැබුණහොත් ලබන 13 වෙනිදා සිට සිය සංගමය අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ පැවසීය.
ආශ්‍රිත පුවත්
Related News