රනිල් සහ මෛත්‍රි කොළඹ මහාධිකරණයට කැදවයි!
Posted on 07.17.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තිස්ස අත්තනායකට එරෙහි කූඨ ලේඛන නඩුවේ සාක්කි දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් නීතිඥවරු අද (17) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්හ.
එම දැනුම්දීම කළේ රාජකාරීමය හේතූන් මත අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමිනි. මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ අතර ගිවිසුමක් ඇති බවට සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට චෝදනා නගමින් පවරන ලද නඩුවේදී කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි වෙත ඒ බව දැනුම් දෙන ලදී. පසුව මෙම නඩුව මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග කිරීමට තීරණය කෙරිණි. දෙසැම්බර් 4 වැනිදාට නඩුව යළි විභාග කෙරෙන අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිට හා අගමැතිට දැනුම් දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට විනිසුරුවරයා විසින් දැනුම් දෙන ලදී.
Related News