වගා හානි වූ ගොවීන්ට තවමත් වන්දි නෑ – ගොවි අරගල ව්‍යාපාරය
Posted on 05.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වගා හානි වූ ගොවීන්ට තවමත් වන්දි ගෙවා නැති බවත් මේ නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ගොවි අරගල ව්‍යාපාරය කියයි.
පසුගිය මහ කන්නයේ වාරි ජලය නොදීම නිසා වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට මෙතෙක් වන්දි ගෙවා නැති අතර වගා හානි වූ ගොවීන්ගේ කොටසකට පමණක් වන්දි ගෙවා තිබේ.
එමෙන්ම මෙවර වී වගාවට ජලය ලබාදීම සීමා කර වෙනත් අතිරේක භෝගවලට ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවද ගොවි අරගල ව්‍යාපාරය පෙන්වා දෙයි. මැයි මාසයේ මේ වන විට වී වගාවට ජලය ලබා දිය යුතු නමුත් ජලය ලබා නොදීම නිසා වී ගොවීන් පීඩාවට පත්ව සිටිති. එමෙන්ම ගොවි අරගල ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ගිරිතලේ, කවුඩුල්ල ව්‍යාපාරවල සහ අම්පාර හා අනුරාධපුර දිස්ත‍්‍රික්කවල වී වගාවන්ට මාසයකට ආසන්න වී ඇතත් තවමත් පොහොර සහනාධාර නොදීමේ ගැටලූවක් පවතින බවයි.
Related News