වධදීම් ගැන සොයන්න ලංකාවට යායුතුයි – එ.ජා.වධබන්ධන කොමිසමට ඉල්ලීමක්
Posted on 11.14.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වධදීම් පිළිබද සොයාබලන එක්සත් ජාතීන්ගේ කොමිසම ලංකාවේ සංචාරය කර ආක්ෂක අංශ විසින් කළ පැහැරගැනීම්, වධදීම් හා ලිංගික අපරාධ පිලිබද ස්වාධීණ පරික්ෂනයක් කළ යුතු බවට යැස්මින් සුකා පවසයි.
‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සදහන් කළාය. යුද සමයේ ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගීමත් සමග එක්සත් ජාතින්ගේ විමර්ශන කන්ඩායමක නියෝජිතවරියක ලෙස ලංකාවට ආ ඇය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ලංකාවේ යුද සමයේ සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සලකා බැලීමට වධදීම් පිළිබද සොයාබලන එක්සත් ජාතීන්ගේ කොමිසම මේ සතියේ රැස්වීමට නියමිතව තිබියදීය.
ආරක්ෂක අංශවලින් සිදුකරන වධදීම් හා අපරාධ වර්තමාන ආන්ඩුව බලයට පැමිණීමෙන් පසුවද නවත්වාගන්නට නොහැකි වී ඇති බවත් පසුගිය යුද සමයේ සිදුකල අපරාද පිලිබද නිසි විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් නොදෙන තත්වයක් තුල එය තවදුරටත් එවැනි අපරාධවලට අනුබලයක් වන බවද ඇය ප්‍රකාශ කර තිබේ. දේශපාලන අරමුනු නිසා දිගින් දිගටම පවතින අපරාද රැසක් හේතුවෙන් වින්දිතයන්ගේ පීඩාව සැගවීමට ඉඩ දිය නොහැකි බවද ඇය පෙන්වා දුන්නාය.
Related News