தமிழ்
English
Contact
Friday 26th January 2018    
විදුලි වර්ජනය දියකර හැරීමට හමුදාව සූදානම් ! - හමුදා ප්‍රකාශක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලි වර්ජනය දියකර හැරීමට හමුදාව සූදානම් ! – හමුදා ප්‍රකාශක



ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන විදුලි බලමණ්ඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් විදුලිය ලබා දීමේ කටයුතු සඳහා යුද හමුදාව සුදාමින් සිටින බව හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් රෝෂාන් සෙනවිරත්න  පවසයි.

හමුදා ප්‍රකාශකවරයා කියා සිටින්නේ විදුලි වර්ජනය නිසා යම් රාජකාරියක් සදහා කැදවීමක් කළ හොත් යුද හමුදාවේ යාන්ත්‍රික දැනුම සහිත සෙබලුන් 765ක් සීරුවෙන් තබා ඇති බවයි. මෙම පිරිස අතර පස්දෙනා වශයෙන් කණ්ඩායම් 153ක් සිටින බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. විදුලි සේවක වර්ජනය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම නිසා ජනයා අපහසුතාවට පත් වී තිබුණි.

කෙසේවෙතත් හමුදා ප්‍රකාශකවාරයා මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව විදුලි වර්ජකයන්ගේෙ ඉල්ලීම් නොතකා හරිමින් යුද හමුදාව සූදානම් කරමින් සිටින බවය. එනම් ගැටලුවට විසදුම් නොදී වැඩ වර්ජකනයට මුහුණ දෙන්නට යන්නේ පෙර පැවති ආණ්ඩු විසින් ගෙන ගිය මර්දනකාරි ක්‍රියාමාර්ග ගෙනයාම බව පැහැදිලිය.