Posted on 09.16.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
විදුලි බලමණ්ඩලයේ ඉහල පාලනාධිකාරියට අධික වැටුප් ගෙවීමේ අක්‍රමිකතාවක් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුලි බලමණ්ඩල සේවකයින් දියත් කරන ලද වැඩවර්ජනය අද(16) දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය පවසයි.
ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩවර්ජනයේ නිරතවන බව විදුලි සේවකයින් පවසන අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ මෙම වර්ජනය අසාර්ථක බව පමණි.
කෙසේ වෙතත් ආණ්ඩුව මෙම වර්ජනය මර්ධනය උදෙසා විශාල ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබු අතර සියල්ල අසාර්ථක වීම හමුවේ අවසානයේ සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා හමුදා කණ්ඩායම් 89ක් සුදානම් කර ඇති බව පැවසේ.