ශ්‍රී ලංකාවට පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්
Posted on 09.14.2016 by Awantha Idamegama in ක්රීඩා පුවත් with 0 Comments
බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනිමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වී ඇත. එෆ් 46 කාණ්ඩයෙන් තරග වැදුණ දිනේෂ් ලෝකඩ පදක්කම දිනාගත් අතර එහි රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා ගැනු ලැබුවේ ඉන්දියාවේ දේවේන්ද්‍ර ජාජාරියා විසින් ද, රිදී පදක්කම චීනයේ ගුඹ් චුන්ලියාග් විසින් ද දිනා ගෙන ඇත.
මෙවර පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම මෙයයි. ඒ අනුව පැරාලිම්පික් පදක්කම් සටහනට ශ්‍රී ලංකාව එක් වුණු අතර, මේ වන විට ශ්‍රී ලංකාවට 77වන ස්ථානය ලබා ගෙන ඇත.

Related News