ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යාපන කප්පාදුව ගැන ජාත්‍යන්තර අවධානයක්!
Posted on 07.12.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ශිෂ්‍ය මර්දනය සහ නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විදේශ වාම ශිෂ්‍ය සංවිධාන කිහිපයක් සිය අවධානය යොමුකර ඇත. ඒ අතුරින් ස්පාඤ්ඥයේ ශිෂ්‍ය සින්ඩිකේටය විසින් නීතිය හා සාමය පිළිබද ඇමති සාගල රත්නායක හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත අමතමින් නිදහස් අධයාපන අයිතීන් තහවුරු කරන ලෙසත් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් වහා නිදහස් කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.
එසේම බි‍්‍රතාන්‍ය ‘සමාජවාදී ශිෂ්‍යයෝ’ සංවිධානය සහ ස්පාඤ්ඥයේ ‘විප්ලවවාදී වාමාංශය’ සංවිධානය විසින් ශිෂ්‍ය මර්දනය වහා නවතා දමන ලෙසත් අධ්‍යාපන අයිතින් සුරක්ෂිත කරන ලෙසත් බලකරමින් නිවේදන නිකුත් කර තිබේ. එම නිවේදනවල සංක්ෂිප්ත පරිවර්තන පහත සටහන් වේ.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන බලවේග මර්දනය කිරීම නතර කරනු!
අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් වහා නිදහස් කරනු!
පසුගිය දිනක ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ පාගමනකට රජය විසින් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී පොලිසිය විසින් ශිෂ්‍ය ශිෂයාවකන්ට බැටන් ප‍්‍රහාර, කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමන් තුවාල ලැබූ 85ක් රෝහල්ගත කරන ලදී. ඒ සමගම ශිෂ්‍ය ක්‍රියාකාරින් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාමකාමී විරෝධතා පාගමනේදී පහරකෑමට හා අත්අඩංගුවට පත් සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කොන්දේසි වරහිතව පෙනී සිටිමු.
සයිටම් ආයතනය රජයට පවරාගෙන එහි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිට ඇතුළත් කිරීමේ සහ නිදහස් අධයාපනය ශක්තිමත් කිරීමේ පියවරකට යායුතු බව අපි කියමු. මෙම ගැටලූව තවදුරටත් ඇදී යාමට ඉඩ නොතබා වහා විසඳිය යුතු බව ලංකා ආණ්ඩුවට යෝජනා කරමු. අධයාපනය යනු අයිතියකි. එය වෙළෙඳ භාන්යක් නොවේ. සැමදෙනාගේම අයිතියක් වෙනුවෙන් අරගලයක යෙදීම අපරාධයක් නොවන බවද තරයේම ප‍්‍රකාශ කරමු!
මිගෙල් මිෂිටොරෙනා උනානුවා
විප්ලවවාදී වාමාංශය – ස්පාඤ්ඤය
ලංකාවේ ශිෂ්‍ය අරගලයට අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා!
එකසත් රාජධානියේ විශ්වවිද්‍යාල 40ක සිසුන් පදනම් කරගත් සමාජවාදී ශිෂ්‍යයන් වන අපි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමේ අරගලවලදී ශිෂ්‍ය ක‍්‍රියාකාරින් හා සමාජවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කරමු. ලංකාවේ ශිෂ්‍ය විරෝධතාවට පහරදීම ඇතුළු සියලූ මර්දනකාරී සිදුවීම් අපි තරයේ හෙළා දකිමු. නිදහස් අධ්‍යාපනය හා යහපත් අධයාපනයක් සඳහා වන අරගල ජාත්‍යන්තර පරිමාණ අරගලයකි. බි‍්‍රතාන්‍යයේදී ජෙරමි කෝබින්ගේ මැතිවරණ ප‍්‍රකාශනය නිදහස් අධයාපනය නැවත දේශපාලන න්‍යායපත‍්‍රවලට එකතු කිරීමට දායක වී තිබේ. එහෙත් අපි කම්කරුවන් හා තරුණයන් ලෙස අරගල හරහා ජයගත් සැම දෙයක්ම ආරක්ෂා කරගත යුතු බව වටහටෙගන සිටිමු. ධනේශ්වර ක‍්‍රමයේදී වැඩකරන ජනයාගේ ජයග‍්‍රහණ බිඳදැමීමට පාලකයන් සැමවිටම උත්සාහ දරන බව නිසැකය. එබැවින් අපි ලංකාවේ ශිෂ්‍ය අරගලයට පූර්ණ සහයෝගය පළ කරමු. එක් අයෙකුට නකරන හානිය සෑම අයෙකුටම කරන හානියක් ලෙස සලකමු.
ක්ලෙයාර් ලේකර් මැන්ෆීල්ඞ්
ජාතික සංවිධායිකා
සමාජවාදී ශිෂ්‍යයෝ – බි‍්‍රතාන්‍ය

Save
Related News