தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
සයිටම්වාදී ඇමැතියෝ පාලුගෙයි වලං බිදිති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම්වාදී ඇමැතියෝ පාලුගෙයි වලං බිදිති!



රාජපක්ෂ පාලනය යටතේ පැවති මාධ්‍ය ප්‍රතිපත්තිය සිහිගන්වමින් රනිල්-මෛත්‍රී හවුල් පාලනය විසින් මේ වනවිට රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය ආයතන දෙවවර්ගයම සිය මතය ජනතාව මත පැටවීමට ලැජ්ජා සහගත උත්සාහයක යෙදී සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිහු චෝදනා කරති.

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ස්වාධීන රෑපවාහිනිය හා ජාතික රූපවාහිනී යන ආයතනවලින් තමන්ගේ මතය පමණක් ස්ථාපිත කරන්නටත් විරුද්ධ මත නියෝජනය නොකොට එහෙත් ඒවාට පිලිතුරු දෙන්නටත් පාලු ගෙයි වලං බිදින මාධ්‍ය වැඩසටහන් සජිවි ලෙස විකාහය කරවන ලද බව අමතක කළ නොහැකිය. ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව සිය කටහඩේ බලයෙන් ජනතාව වෙත ගෙන ගිය අධ්‍යාපනයේ හා නිදහස් සෞඛ්‍ය සේවයේ අයිතිය පිළිබද ප්‍රශ්නය සැලකියයුතු මට්ටමේ ආන්ඩු විරෝධයක් ජනගත කරවන්නට සමත් වූහ. ආන්ඩුව සිය ප්‍රතිපත්තිය වහයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණිම සදහා පූර්ව අවශ්‍යතාවක් ලෙස සලකන්නේ සයිටම් අායතනය ස්තාපිත කිරීමය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධය හා ජනතාව සහභාගි කරවමින් ගෙනයන අරගලය නිසා දැන් ආන්ඩුවේ නායකයන් ජනමතය හමුවේ දුබලවී සිටීත ඊයේ (25) රාත්‍රිෙය් සියලුම රූපවාහිනි සේවා මගින් විකාශය කරවන්නට  සයිටම් ආයතනයට පක්ෂ පිරිසක් කැදවා කල පිලිතුරු දීමේ ක්‍රියාදාමය ආන්ඩුවේ කලබලවීම නිරූපනය කරවයි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල, නියෝජ්‍ය ඇමති මෝහන්ලාල් ග්‍රේරු යන ඇමතිවරු සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මේ වැඩසටහනට සහභාගි වෙමින් මාධ්‍යෙව්දින් වෙතින් අසන්නට නියමිත ප්‍රහ්න සූදානම් කර ඒවාට සූදානමින් පැමින පිලිලුරු දෙන බවක් පෙනී ගියේය. ඇතැම් මාධ්‍යෙව්දින් දෙන ලද ප්‍රශ්නවලට අමර ප්‍රහ්න මතු කිරීමෙන් මෙම අරමුණට යාම පවා අතරමැද කඩාකප්පල් වූ අවස්ථා ද තිබිණී.

මේ වැඩසටහනට ආණ්ඩුවේම සයිටම් විරෝධී නියෝජිතයින් සම්බන්ධ කළ යුතුව තිබුනු බවක් එක්තරා මාධ්‍යවේදියෙක්  ප්‍රශ්න කර තිබිණි. එහිදී සයිටම්වාදී ඇමැතියෝ තෙපරබාන්නට වූහ. එසේම සයිටම් ආයතනයට සම්බන්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය රජයට පැවරිමෙන් හා සයිටම් ආයතනයේ අයිතිය කොටස් හිමියන් පිරිසකට මාරුකිරිමෙන් පසුව ශිෂ්‍යයන් මතුකරන ප්‍රහ්නයට පිලිතුරක් ලැබේදැයි විමසීමට එක් මාධ්‍යෙව්දියකු උත්සාහ කල අවස්ථාවේ ඇමතිවරු වටේ යමින් මල්ලෙ පොල් වර්ගයේ පිළිතුරු ලබා දෙනු දක්නට ලැබිණී. ඉන්පසුව රාජය විශ්වවිද්‍යාලවල මට්ටම උසස් කිරීම හා ශිෂ්‍යයන් බදවාගැනීම වෙනුවෙන් අවදානය යොමු නොකරන්නේ ඇයිද යන ප්‍රහ්නය මාධ්‍යෙව්දින් විසින් මතු කර තිබිණී. එම ප්‍රශ්නය නිසා කලබල වූ උසස් අධ්‍යාපන ඇමති වෙනුවට සෞඛ්‍ය ඇමති පැන පැන පිළිතුරු දෙන අවස්ථාවද විනෝදජනක විය.

සයිටම් විරෝධය රටපුරා පැතිර යාම වැලැක්වීමට ආණ්ඩුව මකුලු දැලෙන් හමන සුළං වැලැක්වීමක් වැනිය. වෙන විධියකින් කිවහොත් නවලිබරල් ධනවාදයේ පිළිවෙත නිසා අතීසාරය වැලදුණ ආණ්ඩුව ඇමතිවරුන් අමුඩයට යොදාගත් අවස්ථාවක් ලෙස මෙම ගදගසන සජිවි විකාශය හැදින්විය හැකිය. මහින්ද රාජපක්සට පසුව සයිටම් විරෝධය යටපත් කිරීම සදහා ඊනියා යහපාලන ඇමැතිවරු රූපවාහිනි චැනල් බදුගැනීම ඒ ආකාරයෙන් මෙරට ඉතිහාසයට එක්වේ.




Related News