Posted on 07.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඝාතනය කෙරුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ කලක් උපකුලපතිධුරය දැරූ සහ මේ වනවිටත් එහි අපරාධ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ආනන්ද සමරසේකර වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත.
කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ කාලයේ තාජුඩීන් ඝාතනය පිළිබද නොමගයවන සුලු අධිකරණ වෛද්‍ය වාර්තා ලබාදීමක් පිළිබද චෝදනා එල්ල විය. එම ඝාතනය රිය අනතුරක් ලෙස සූක්ෂම ලෙස සිදුකර තිබිණි. ඉන්පසුව තජුඩින් රිය අනතුරකින් මිය ගිය බවට ලබාදුන් අධිකරණ වෛද්‍ය මතය අනුව ඔහුගේ අවසන් කටයුතු සිදු විය. එහෙත් අධිකරණ වෛද්යවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ සේවය කළ ආනන්ද සමරසේකර එයින් ඉවත්ව සයිටම් ආයතනයේ උපකුලපති ලෙස පත්විය. එසේ තනතුර භාරගනිද්දී කොළඹ රෝහල් මෘතශරීරාගාරයේ සුරක්ෂිතව තැන්පත්කර තිබුණු තජුඩීන්ගේ අස්ථි කොටස් නීති විරෝධී ලෙස සයිටම් ආයතනයට යවන ලද වෛද්‍ය ආනන්ද සමරසේකරගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ. තජුඩීන් ඝාතනය පිළිබද විමර්ශන අතරතුර මේ නීති විරෝධී කටයුත්ත හෙලිදරව් වීමෙන් පසුව වෛද්‍ය සභාව සිදුකළ දීර්ඝ විභාගයකින් පසුව මෙම තීන්දුවට එළැඹී තිබේ.
