සයිටම් විරෝධතා පාගමන සහ රැළියට සංවිධාන රැසක් එක් වෙති!
Posted on 04.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාලබේ සයිටම් ආයතනය අහෝසි කිරීමට බලකරමින් වෛද්‍ය නිලදාරින්ගේ එක් දින වැඩවර්ජනයට සමගාමීව කොළම පැවැති පාගමනට වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තිය සමිති විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.
මෙම පාගමනට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ මෙන්ම රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, කම්කරු අරගල මධ්‍යස්ථානය, සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් සහභාගී වී සිටී.
Related News