Posted on 08.25.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ස්විස්ටර්ලන්තයේ අැල්ප් කදුවැටිය අවට නාය යෑමෙන් පුද්ගලයේ 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්විස්ටර්ලන්තයේ ගිනිකොණදිග ප්‍රදේශයේ අැල්ප් කදුවැටිය පිහිටා තිබෙන අතර පසුගිය බදාදා සිදුව ඇති මෙම නායයෑමෙන් ස්විස්,ජර්මන්හා ඔස්ට්‍රියා යන රටවලට අයත් පුද්ගලයින් අට දෙනෙකු මෙසේ අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.
තවත් කිහිප දෙනෙකු මුදවාගැනීමේ කණ්ඩායම් විසින් මුදා ගෙන තිබේ. ප්‍රදේශය අවට පදිංචිකරුවන් සිය දෙනෙකු පමණ වෙනත් ස්ථානවලට යැවීඹට බලධාරීන් කටයුත් කර ඇති බව එම වාර්තා පෙන්වා දේ. මෙම ප්‍රදේශය විශේෂයෙන් කදුනැගීමේ සංචාරකයින් සදහා ප්‍රචලිතව ඇත.
නායයාමත් සමග එම ප්‍රදේශයට ළගාවීමට තිබූ මාර්ග කිහිපයක්ම අවහිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.