Posted on 09.25.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
සිරියානු හමුදාවන්ට යුද උපදෙස් ලබා දෙමින් එරට මෙහෙයුම්වල නිතරතව සිටි රුසියානු ජනරාල්වරකු මිය ගිය බව වාර්තාවේ. මෙසේ මියගොස් ඇත්තේ රුසියානු භටයින්ට අණ දෙනු ලැබූ ලුතිනන් ජෙනරාල් වාර්ලි අසපොව්ය.
ඊයේ අයි.එස්.අයි.එස්. මුලධර්මවාදීන්ගේ ෂෙල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජෙනරාල් වරයා ඇතුළු තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා හෙළිකර ඇත.
සිරියාවේ සේවයේ නියුතුව සිටියදී මියගිය ජේෂ්ඨතම රුසියානු නිලධාරියා වන්නේ වර්ලි අසපෝව්ය.
2015 වසරේ සිට රුසියානු හමුදා සිරියාවේ මෙහෙයුම්වලට සම්බන්ධවවීමෙන් පසු මේ දක්වා රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයින් 37 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.