தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
සිසුන්ට පන්න පන්නා පහර දී ජනාධිපතිගේ සයිටම් විසදුම හෙළිකරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිසුන්ට පන්න පන්නා පහර දී ජනාධිපතිගේ සයිටම් විසදුම හෙළිකරයි!



වෛද්‍ය උපාධිය මුදලට විකිනීම සදහා අවසර ඉල්ලා සිටින මාලබේ සයිටම් ආයතනයට  එරෙහිව එසේම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය ජනතා අයිතියක් යන පදනමින් අදත්(13) කොළඹදී විරෝධතා පෙළපාළියක් සංවිධානය කර තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක්ව මෙම විරෝධතා  පාගමන කොළඹ සෞන්දර්ය කලා පීඨයෙන් අරම්භකරණ ලදී.

මෙම පාගමන පැවැත්වුණේ

මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු..!

ව්‍යාජ විසදුම් එපා, සයිටම් අහෝසි කරනු..!

අධ්‍යාපනය සදහා 6% වෙන්කරනු..!

සරසවි බඳවාගැනීම් ඉහළ දමනු..!

උපාධි කඩ එපා, සියළු දෙනාට උසස් අධ්‍යාපන අයිතිය ලැබීම තහවුරු කරනු..!

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය රැකගැනීමට දිවිහිමියෙන් සටන්වදිමු..! යන සටන් පාඨ මුල් කරගනිමිනි. කෙසේ වුවද මෙම පාගමනට එරෙහිව කොටුව උසාවියෙන් උසාවි නියෝග ගෙන තිබුණද ශිෂ්‍ය ශීෂ්‍යාවෝ එම නියෝගවලට විරෝධය දක්වමින් පාගමනේ නිරත වූහ.කොළඹ ජනාධිපති මන්දිරය අසළදී ඔවුන්ගේ සාමකාමී පාගමන අවුරමින් පොලීසියෙන් බාධක යොදා මාර්ගය හරස් කරනු ලැබිණි. එතැනට ළගා වත්ම කදුගු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙරුණු අතර එයට විරෝධය පළ කරමින් ශිෂ්‍යෙයා් සටන් පාඨ කියමින් මාර්ගය තුළ රැදී සිටියහ. එහිදී විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ශිෂ්‍ය ශිෂයාවන්ට තුවාල සිදුකරමින් ඔවුන් විසුරැවා හරින්නට කටයුතු කරණ ලදී.

Save




Related News