පාසල් සිසුන් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේකොළඹ නාගරික ප්‍රදේශවලදී දෙමළ පාසල් සිසුන් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සනාථ කළේය.
මින් පෙර අවස්ථාවකදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සහයකයකුගේ රාජකාරි කාර්යාලයේ තිබී අතුුදන් වූවන්ගේ හැදුනුම්පත් හා වෙනත් පෞද්ගලික ද්‍රව්‍ය හමුවීමෙන් පසුව නාවික හමුදාව යම් යම් අපරාධවලට සම්බන්ධ වූයේදැයි සැකයක් ඇති විය. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල මාධ්‍යෙව්දින්ට පහරදීම, පැහැරගෙන යාම හා ඝාතනය කිරීම සදහා වූ සුදු වෑන් කල්ලියක් ක්‍රියකාරි වූයේද නාවික හමුදාව යටතේ බවට ප්‍රසිද්ධ විය.