தமிழ்
English
Contact
Sunday 17th December 2017    
මර්දනය දැඩි වේ. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සොයා පොලිසිය දිවයින පුරා මෙහෙයුම්-Update | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මර්දනය දැඩි වේ. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සොයා පොලිසිය දිවයින පුරා මෙහෙයුම්-Update



පසුගිය 21 වන දා පැවති SAITM විරෝධී උද්ගෝෂණය පදනම් කරගනිමින් මේ වන විට පොලිසිය විසින් දිවයින පූරා ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරතවෙන බව වාර්තා වේ.

අද(25) රාත්‍රී 7 ට පමණ පොලිසිය විසින් රාගම වෛද්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ තවත් ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් අදාළ සිසුවාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්දව මේ වනතෙක් පොලිසිය කරුණු වාර්තා කර නොමැත.

21වන දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද පහර දීම හේතුවෙන් තුවලා ලබා රෝහල් ගතකරන ලද සිසුන්ගේ නම් ලැයිස්තුවද යොදා ගනිමින් නිවෙස් වෙත යමින් එම සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය කටයුතු කරමින් ඇත.

 

සිසු දඩයම ඉදිරියට – අන්තරේ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

 

පසුගිය 21වන දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති SAITM විරෝධතාවය හේතුවෙන් මහජන දේපලවලට හානි සිදු කළා යැයි පවසමින් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේෂ් මදුරංග අද(25) දින සියබලාණ්ඩුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම පදනම් කර ගනිමින් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් පෙනී සිටීමේ වරදට අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ මොරටුව සරසවියේ ෆයිසාන් අහමඩ් යන සිසුන් ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආණ්ඩුවේ වුමනාවට තවත් සිසු ක්‍රියාකාරීන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම සඳහා  මේ වන විටත් පොලිසිය කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව අදාළ ගැටළු විසදීම පසෙකලා සිසු ක්‍රියාකාරීන් මර්ධනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙමින් සිටින බව මෙම ක්‍රියාකාරකම් හමුවේ පැහැදිළිව දැකගත හැක.

 


ආශ්‍රිත පුවත්