හිටපු බ්රසීල ජනාධිපති ලුලාද සිල්වාට එරෙහිව එල්ලවී තිබූ අල්ලස් හා දූෂණ චෝදනා ඔප්පුවීමෙන් පසුව අධිකරණය වසින් වසර 9කුත් මාස හයකට සිර දඩුවම් නියමි කර ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
ඊයේ දිනයේදී මෙම සිර දඩුවම් හිටපු ජනාධිපතිවරයාට නියමකිරීමට එරට අධිකරණය තීරණය කර ඇත. මාස කිහියක සිට එරට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අල්ලස් හා වංචා දූෂණ පිළිබදව චෝදනා ගණනාවක් යටතේ එරට නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුනි.
විශේෂයෙන් එරට රජය සතු ඛනිජ තෙල් සාමගම වන පොට්රොබාස් සමාගමෙන් ඩොලර් මිලියන ගණනාවක අල්ලස් ලබා ගත් බවට ඔහුට සෘජුවම චෝදනා එල්ලවී තිබුනි. මේ පිළිබදව එරට ෆෙඩරල් අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාගය පවත්වාගෙන ගියේය. ඊයේ එම නඩු විභාගය අවසන්විය.
නඩුව අවසානයේ ෆෙඩරල් විසනිසුරු සර්ජියෝ මෝරෝ විසින් දෙනු ලැබූ තීරණයට ලුලාද සිල්වාට වසර නමයයි මාස හයක සිර දඩුවම් නියම කර ඇත. ලුලාද සිල්වා ජනාධිපතිවරයා ලෙස වසර 2003 සිට වසර 2011 දක්වා බ්රසීල ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.