Posted on 06.10.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
සිය රටතුල තමා සහභාගීවන අවසන් තරගය අද දින පැවැත්වෙන බව හුසේන් බොල්ට් බී.බී.සී. මධ්‍ය වෙත අදහස් දක්වා තිබුනි. එහිදී ඔහු පවසා තිබුනේ මෙම තරගය අද රාත්‍රී ජැමෙයිකාවේදී කිංග්ස්ටවුන් හි ජාතික ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන බවයි.
සිය රට තුල ඔහු සහභාගිවන අවසන් තරගය පිළිබදව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ විවෘත මනසකින් අද තරගයට තමා සහභාගීවන බවත් ජය පරාජය පිළිබදව එතරම් හිතන්නේ නැති බවයි.
ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන හුසේන් බෝල්ට් පිට පිටම ඔලිම්පික් තරගාවලි තුනකදී මීටර් 100 හා මීටර් 200 යන ඉසව් සදහා ඔලිම්පික් රන් පදක්කම් ලබා ගැනීමට සමත්ව ඇත. මීටර් 100 හා මීටර් 200 යන ඉසව් සදහා ලෝක වාර්තා හා ඔලිම්පික් වාර්තා දෙකම හිමිකර ගැනීමේ දුර්ළභ අවස්ථාව ඔහුට හිමි විය.
සිය අන්තර් ජාතික ක්‍රීඩා දිවිය එළැඹෙන ලන්ඩන් ඔලිම්පික් උළලෙන් අවසන් කිරීමට තීරණය කර තිබෙන බව මීට පෙර ලොව පුරා මාධ්‍ය තුල පළවිය.