தமிழ்
English
Contact
Monday 11th December 2017    
ලක්ෂයක් අල්ලසට රජයේ නිලධාරියා වසර 10යි –  නිවසක් අල්ලසට ගත් අැමති නිදැල්ලේ « Lanka Views | Views of the truth

ලක්ෂයක් අල්ලසට රජයේ නිලධාරියා වසර 10යි –  නිවසක් අල්ලසට ගත් අැමති නිදැල්ලේ



ව්‍යාපාරිකයකුගෙන් රු. ලක්ෂයක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වු රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරියකුට වසර 10ක බරපතල වැඩ අැතිව සිරදඩුවම් නියම වෙද්දී බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වූ පරිදි සුපිරි නිවසක් අල්ලස් ගත් අැමතිවරයාට කුමක් සිදුවනු අැත්දැයි ජනතාව ප්‍රශ්න කරති.

රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරු ධනුෂ්ක සම්පත් නමැත්තාට මෙලෙස දඬුවම් නියම වුයේ දැව කදන් ලබාදීමේ ගනුදෙනුවක් අනුමත කිරීම සදහා ලබාගත් අල්ලසක් නිසාය. අනෙකුත් රාජ්‍ය සේවකයන් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියංගනී ජයලත් කළ ඉල්ලීමක් පිළිගනිමින් චූදිතයාට අදාළ දඬුවම් වලට අමතරව රුපියල් 10,000/-ක දඩයක්ද  නියම කළ විනිසුරුවයා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂයක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.

කෙසේවුවද බැදුම්කර වංචාව සදහා සහාය දුන් බවට හෙලිදරව් වෙමින් පවතින අැමතිවරයා සම්බන්ධයෙන් අධිකරණයක සනාථ වන්නට පෙරම ගත හැකි පියවර කිබේ. ඒහෙත් අාණ්ඩුව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ඒ් පිළිබද ප්‍රශ්න කරන විටද අාණ්ඩුවේ නායකයන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි.