தமிழ்
English
Contact
Tuesday 1st May 2018    
අාණ්ඩුවේ අර්බුදය ඉදිරියට – රජයේ අායතන 13ක් අගමැතිගෙන් ගලවයි ! « Lanka Views | Views of the truth

අාණ්ඩුවේ අර්බුදය ඉදිරියට – රජයේ අායතන 13ක් අගමැතිගෙන් ගලවයි !



අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ මෙතෙක් පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ විෂය පථයට අයත් ආයතන 13ක් ඉවත්කර තිබෙනවා.

ඊයේ (28) ජනාධිපතිගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම වෙනස්කම සිදුකර අැත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ විෂයපථයට අයත් වූ ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ජාතික මෙහයුම් මැදිරිය, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ණය තොරතුරු කාර්යාංශය, ජාතික වැටුප් ෙකාමිසම සහ ජාතික රක්ෂණ භාර අරමුදල ෙමෙලස අගමැතිවරයාගෙන් ඉවත් කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මහජන උපෙයෝගීතා ෙකාමිෂන් සභාව, වර්ජන ෙකා්ලාහල – සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, මානව සම්පත් සංවර්ධනය ශ්‍රී ලංකා ජාතක සභාව, ජාතක තරුණ ෙස්වා සභාව, ජාතික ෙයාවුන් ෙස්නාංකය සහ ජාතක ෙයෟවන තිළිණ ප්‍රදාන අධිකාරිය යන අායතනද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ විෂය පථෙයන් ඉවත් කර තිබේ.

ඒසේම කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය යටතේ පැවති ආහාර ෙකාමසාරිස් ෙදපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රක්ෂණසංස්ථාව, අගමැතිවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට ඇතුළත් කර තිබේ. ඊයේ නිකුත් කළ  අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ලක්ෂ්මන් කිරිඇල්ල අැමතිවරයාට අයත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය වෙත සීමාසහිත ලංකා  ගෑස් සමාගම පවරා තිබිණි.