தமிழ்
English
Contact
Saturday 7th October 2017    
විදේශ සේවයේ කාන්තාවන්ගේ මරණයට වගකියනු – Free Women! « Lanka Views | Views of the truth

විදේශ සේවයේ කාන්තාවන්ගේ මරණයට වගකියනු – Free Women!



විදේශ සේවය සදහා යන කාන්තාවන් මරා දැමීම පිළිබද පාලකයන් වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමත් අනාරක්ෂිත රැකියාවලට කාන්තාවන් යැවීමත් සම්බන්ධව විරෝධය පළ කරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මස්කෙළියේදී පැවැත්වූ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මැදපෙරදිග රැකියාවක් සදහා ගිය මස්කෙළිය වතුයායේ රාජේශ්වරී, දර්ශනී කට්පගවල්ලි මියයාමෙන් පසුව මළ සිරුර පසුගියදාලංකාවේ ඥාතින් වෙත එවන ලදී. ඇයගේ මළසිරුරලංකාවට ගෙන්වාගැනීමේදී පවා ප්‍රමාදයක් සිදු විය.

මෙි පිළිබඳ ජනතා අවධානය යොමු කිරීමටත්, විදෙස් ගත වූවන්ට සාධාරණය ඉටුු කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු යැයි බලකිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය දිගින් දිගටම හඩ නගන බව එම සංවිධානයේ ර්‍කියාකාරීනියන් ජනමාධ්‍ය වෙත අදහස් පළ කරන ලදී.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මෙම විරෙැා්ධතාවයේදී පහත සටන්පාඨ යොදාගෙන තිබිණී.

  •  විදේශගත ලාංකීය ස්ත‍්‍රියගේ වහල්භාවය අහෝසි කරනු!

  •  ලාභ ශ‍්‍රමයට ස්ත‍්‍රිය විදේශයට විකිණීම නවතනු!

  •  විදේශගතව විපතට පත්වූවන්ට වහා වන්දි ගෙවනු!

  •  විදෙස් වහල් රැකියා වෙනුවට සුරක්ෂිත රැුකියා තහවුරු කරනු!

  •  මරණය වෙනුවට ජීවිතය – අවමානය වෙනුවට ගෞරවය!

  • විදේශ සේවයේදී අතරමංවූවන් වහා ගෙන්වා ගනු!

  • විදේශගත ස්ත‍්‍රියගේ ජීවිතාරක්ෂාව තහවුරු කරනු!

Save




Related News