தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
2016 වසරේ මලල ක්‍රීඩකයා උසේන් බෝල්ට්, ක්‍රීඩිකාව අල්මාස් අයානා « Lanka Views | Views of the truth

2016 වසරේ මලල ක්‍රීඩකයා උසේන් බෝල්ට්, ක්‍රීඩිකාව අල්මාස් අයානා



අඛණ්ඩව ඔලිම්පික් තරගාවලි තුනකදී රන් පදක්කම් 09ක් දිනා සිටින උසේන් බොල්ට් 2016 වසරේ අන්තර් ජාතික මලල ක්‍රීඩකයා ලෙස නම්කරයි.

එයට සමගාමීව  අන්තර් ජාතික මලල ක්‍රිඩා සම්මේලනය විසින් වසරේ වසරේ මලල ක්‍රීඩිකාව ලෙස ඉතියෝපියාවේ අල්මාස් අයානා ලෙස නම් කර ඇත.

ඇය පසුගියදා පැවැති රියෝ ඔලිම්පික් උළෙලදී මීටර් 10,000 ඉසව්වේ පැවැති ඔලිම්පික් වාර්තාව වඩා තත්පර 14 ක කාලයකින් සිය නව වාර්තාව පිහිටවීමට සමත්වූවාය.

ඊයේ පැවැති අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලන උළලේදී මොවුන් දෙදෙනා සම්මාන ලැබීය.

වසර දොළහක් තිස්සේ අඛණ්ඩව ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් තුනකදීම සිය ඉසව් සදහා රන් පදක්කම් ලබා ගනිමින් උසේන් බෝල්ට් මෙම සම්මානන උළෙලෙදී විශේෂ ඇගයීමට ලක් කර ඇත.




Related News