தமிழ்
English
Contact
Saturday 17th February 2018    
23 වන ශීත ඍතු ඔලිම්පික් උලෙළ ආරම්භ වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

23 වන ශීත ඍතු ඔලිම්පික් උලෙළ ආරම්භ වේ



පසුගිය 09 දින නිල වශයෙන් ආරම්භ වූ 23 ශීත ඔලිම්පික් උළෙල ලබන 25 වැනි දින දක්වා දින 17ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිතව ඇත. දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග් ගම්මානයේ මෙවර ශීත ඔලිම්පික් උළෙල පැවැත්වේ. මෙවර ශීත ඔලිම්පික් උළෙලලේ විශේෂත්වය වන්නේ උතුරු හා දකුණු කොරියානුවන් එක් කණ්ඩායමක් ලෙස සිය තරග සදහා ඉදිරිපත්වීමට සැලසුම් කර තිබීමයි.

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් ඉසව් 15ක් යටතේ පදක්කම් 102ක් සදහා තරගවදිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් වෙමර රුසියානු කණ්ඩායමට සිය රට නියෝජනය කරමින් මෙවර තරග වැදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවසර ලබා දී නැති අතර ඔවුන්ගේ ක්‍රීඩකකීඩිකාවන් පිරිසකට ස්වාධීනව තරග කිරීමට අවස්ථාව පමණක් ලබා දී ඇති බව වාර්තාවේ.

මෙවර ශීත ඔලිම්පික් උළෙළ පැවැති ඔලිම්පික් උළෙළවලට වඩා දැඩි ශීත කාලගුනික තත්වයක් යටතේ පැවැත්වීමට සිදුවන බව පවතින දේශගුණික තත්වයන් යටතේ සුද්වන බව වාර්තාවේ. මීට පෙර පැවැති වැඩිම ශීත දේශගුණීක තත්වයක් යටතේ පවත්වා ඇත්තේ 1994 නොර්වේ හි පැවැති ශීත ඔලිම්පික් උළෙලයි.




Related News