29 වෙනි දිනට පෙර විසදුම් නොදුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක්.
Posted on 05.09.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉකුත් 5 වන දින පවත්වන ලද වැඩ වර්ජනයට අදාළ ඉල්ලෙම් මෙම මස 29 වන දිනට පෙර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින (09) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටින ලදී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අදහස් දක්වමින් කියා සිටියේ අද දින පවත්වන ලද සිය සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් දිවයිනට බලපාන ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගත් බවත් ඉදිරියේදී ආණ්ඩුව මේම ගැටළු සම්බන්දව ක්‍රියාකරන ආකාරය අනුව සිය සංගමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් කියා සිටියේය.
මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම SAITM ආයතනය පූර්ණ වශයෙන් ජනසතු කිරීම, ETCA ගිවිසුමට එරෙහිවීම සහ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යන මූලික සටන් පාඨ වෙනුවෙන් දැඩිව පෙනී සිටීම, ඒකාබද්ධ අරගලය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ පෙර සඳහන් ඉල්ලීම් වලට මෙම මස 29වන දිනට පෙර ආණ්ඩුව පිළිතුරු ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම යන තීරණ වලට එළබුනු බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදී.
Related News