தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
සයිටම් සිසුන් ගැන සාකච්ඡාවලට කළින් අර්බුදයක් ඇති කළ සයිටම් ආයතනය වසා දමන්න – GMOA « Lanka Views | Views of the truth

සයිටම් සිසුන් ගැන සාකච්ඡාවලට කළින් අර්බුදයක් ඇති කළ සයිටම් ආයතනය වසා දමන්න – GMOA



සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය පිළිබද විසදුමක් පිළිබද සාකච්ඡා කරන්නට නම් පළමුව විරෝධයට හේතු වී ඇති සයිටම් ආයතනය වසාදැමීමේ තීරණය ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

විකල්ප සෙවීමට පෙර ගැටලුවක්ව පවතින සයිටම් ආයතනය වසාදැමීමේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවද සයිටම් සිසුන්ට අදාළ ප්‍රශ්නය ඉන් දිවතීක කාරණයක් බවද එයට ඉන්පසුව විසදුම් සාකච්ඡා කිරීමේ බාධාවක් නැති බවද ඔහු කීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ වෛද්‍යපීඨාධිපතිවරුන් විසින් සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් SLIIT ආයතනයට මාරු කිරීමේ යෝජනාවක් සාකච්ඡාවට ගැනීම පිළිබද අදහස් දක්වමිනි.

“සයිටම් ආයතනය වසාදැමීම සහ එම ආයතනය ස්ලිට් ආයතනය වෙත පැවරීම යනු කාරනා දෙකක්. පළවැනි පියවර වෙන්නෙ සයිටම් ආයතනය අහෝසි කිරීමයි. වෙනත් විසදුමක් නෑ. දෙවනුව සයිටම් සිසුන්ට අධ්‍යාපන කටයුතු සම්බන්ධ විසදුම සාකච්ඡා කළ යුතුයි. බලධාරින් මේ කාරණා දෙක වෙන්ව ගත යුතුයි.“

සයිටම් ප්‍රශ්නය ප්‍රමුඛ ප්‍රශ්නය ලෙස විසදුමක් නොදී වෙනත් ප්‍රශ්න විසදන්නට බලධාරින් ඉක්මන්වීමෙන් සැබෑ ප්‍රශ්නය විසදීම පමා කිරිම තවදුරටත් සිදුවන බව තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය. සයිටම් ආයතනය වෙනත් ආයතනයකට පැවරීම හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරිම වෙනත් තලයක සාකච්චාවක් බවද ඔහු අවධාරණය කළේය.