ඇෆ්ගන් පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය ව්‍යාවර්ථ කරයි
Posted on 06.22.2015 by Sampath in විදෙස් පුවත් with 0 Comments
කාබුල් නුවර පිහිටි ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට එල්ල කරන ලද ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
අදාල ප්‍රහාරය තලේබාන් සංවිධානය විසින් සංවිධානය කරන්නට ඇතැයි සැකකෙරේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රහාරයට පැමිණි සටන්කාමීන් හය දෙනෙකු ඝාතනය ඝාතනය වූ බවයි.
මුලින්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට ගේට්ටුව අබියස දැවැන්ත බෝම්බයක් පුපුරුවා හැර තිබෙන සටන්කාමීන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයට ආසන්න ගොඩනැගිල්ලට කඩා වැද තිබේ.
අනතුරුව පැය දෙකක පමණ කාලයක් පැවති වෙඩි හුවමාරුවෙන් පසුව සටන්කාමීන් මියගොස් තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Related News