தமிழ்
English
Contact
Sunday 24th September 2017    
සයිටම් විරෝධී වැඩවර්ජනය සාර්ථකයි, ආණ්ඩුවේ විසදුම් ඉක්මන් කළ යුතුයි – වෘත්තිය සමිති පවසයි « Lanka Views | Views of the truth

සයිටම් විරෝධී වැඩවර්ජනය සාර්ථකයි, ආණ්ඩුවේ විසදුම් ඉක්මන් කළ යුතුයි – වෘත්තිය සමිති පවසයි



සයිටම් ආයතනය සම්බන්ධ විසදුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති විසින් ඊයේ(21) සිදුකළ එක්දින වැඩ වර්ජනය නිසා රටපුරා අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා අඩපණ කෙරුනු බව ජනමාධ්‍ය වාර්තා පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය හා හදිසි සේවා හැර අන් සියලු රෝහල්වල වෛද්‍යවරු ඇතුලු වෙනත් සෞඛ්‍ය සේවා වැඩවර්ජනයට එක් වූ බවයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කරන්නේ  වැඩවර්ජනයේ අරමුණ වූයේ රෝගින් අපහසුතාවට පත්කිරීම නොව සයිටම් අර්බුදයට ඉක්මන් විසදුමක් දීමට බලපෑම් කිරීම බවයි. මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ ගුරුවරුන්ගෙන් 60%ක් පමණ ලෙඩ නිවාඩු දමා වර්ජනයට සහාය පල කළ බවයි. ගුරුසේවයේ සහ විදුහල්පති සේවා වෘත්තිය සමිති 12ක් ඊයේ වැඩවර්ජනයට එක්ව සිටි බවත් ග්‍රාමිය ප්‍රෙද්ශවල පාසල්වල ගුරුවරු අතුරින් 70%ක්ද නාගරික පාසල්වල ගුරුවරු 50%ක් පමණද වර්ජනයට එක් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.




Related News