Posted on 10.02.2017 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
2011 වසරේදී ලෝක බැංකු ආධාර ව්‍යපෘතියක් කොන්ත්‍රාත්තුව ලබාදීමට නම් එවකට වාරිමාර්ග ඇමති මෛත්‍රිපාල සිරිසේනගේ උපදේශකයකු ‘උපකාරයක්‘ ඉල්ලා සිටි බවට විදේශ මාධ්‍ය වාර්තා පළ කර තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ 2011 වසරේදී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් සදහා ස්නොවි මවුන්ටන් ඉංජිනනේරු සමාගමට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාගැනීමට අනුමැතිය ලබාදීමට නම් තම පාර්ශ්වයට උදව් කළ යුතු බවට එවකට වාර්මාර් ඇමති මෛත්‍රිපාල සිරිසේනගේ උපදේශකයකු ඉල්ලා සිටි බව විදේශ මාධ්‍යවලින් වාර්තා කරන ලදී. එසේවුවද මෙවැනි චෝදනාවක් පිළිබද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මින් පෙරද තමන් කිසිවක් නොදන්නා බවට කළ ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයෙන් ප්‍රචාරය විය. ඕස්ටේ්‍රලියානු ජනමාධ්‍ය ආයතන් විසින් මෙම වසර තුලම පළ කළ මිට සමාන වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලද බවත් නීතිමය පියවර ගැනීමට උපදෙස් දුන් බවද ජනාධිපති කාර්යාලයිය ආරංචි මාර්ග පවසයි.
ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ කොංගෝ යන රටවල සිදුකළ ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ ස්නොවි මවුන්ටන් අතුළු සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝකාලීන වශයෙන් සිදු කළ විමර්ශනයකින් පසුව ලෝක බැංකුව විසින් මෙම තීන්දුව ගෙන තිබේ. ලංකාව සහ බංග්ලාදේශය සමග සිදුකළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලදී නුසුදුසු ගෙවීම් කිරීම පිළිබද චෝදනාවට ලක් වූ ස්නොවි මවුන්ටන් ඉංජිනනේරු සමාගම ලෝක බැංකුව විසින් ජාත්‍යන්තර ව්‍යාපෘති සදහා තහනම් කර ඇත. අල්ලස් දීම සම්බන්ධයෙන් චෝදනා නිසා පනවා ඇති මෙම තහනම ඕස්ටේ්‍රලියානු ඉදිකිරීම් සමාගමට විශාල පාඩුවක් බව ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.